BREAKING NEWS
Search

රටක් කැළඹූ ඝාතනයේ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

175

පොලිස් කොස්තාපල්වරයෙකුට පොල්ලකින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිළධාරින් පිරිසක් විසිනුයි සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

තංගල්ල කදුරුපොකුණ ප්‍රදේශයේදී පසුගියදා මෙම ඝාතනය සිදුකර තිබුණා.

ඒ සම්බන්ධයෙන් සැකකරුවෙකු මහනුවර ප්‍රදේශයේදී ඊයේ (18) අත්අඩංගුවට ගත් බවත් ඔහු සිද්ධිය ට සම්බන්ධ ප්‍රධාන සැකකරු බවයි පොලීසිය පැවසුවේ.

තංගල්ල කදුරුපොකුණ ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි එම සැකකරු ළඟ තිබී ටී 56 උණ්ඩ යෙදීමට හැකි ගල්කටස් වර්ගයේ ගිණිඅවියක් සහ ටී 56 උණ්ඩ 12 ක් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.

සැකකරුගෙන් ලබාගත් තොරතුරු මත අනෙක් සැකකරුවන් දෙදෙනා තංගල්ල ප්‍රදේශයේ පාලු නිවසක සැගවී සිටියදී අද (19) අලුයම අත්අඩංගුවට ගත් බවද පොලිසිය පැවසුවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *