මොනවද මේ දවස්වල අලුත් ආරංචි?
සෙට් එකේ තමයි ඉතින් පුරුදු විදියට දවස ගෙවෙන්නේ.
වේදිකාව එක්කත් ටිකක් එහෙ මෙහෙ දුවනවා නේද?
ඔව්. ‘පිරිමියෙක්ගෙන් පැමිණිල්ලක්’ සියවැනි දර්ශනයට මේ දවස්වල සූදානම් වෙනවා.
කාලෙ හුඟක් හොඳයි වාගේ. හැම දේම සාර්ථකයි නේද සාරංග?
කැපවීම තමයි ඉතින් සාර්ථකත්වය කියන්නේ. හිතට අරන් යමක් කරනවා කියන්නේ ප්රතිඵල හොඳයි.
ඕනැ ක්්රු සාර්ථකත්වය ගැනත් ඔයා තෘප්තිමත්ද?
ඔව්. අනිවාර්යයෙන්ම. ඕනැ ක්්රු ටේ්රලර් එක යූටියුබ් එකේ ටේරන්ඩින් වන් ආවා. හැමෝම එය සතුටින් බාරගත්තා. අපි හැමෝගෙම කැපවීමට ලැබෙන ප්රතිචාර ගැන අපිට ආඩම්බරයි.
දොස් කියන පිරිසකුත් ඉන්නවා කියලා ආරංචියි?
ගතානුගතිකව සාම්ප්රදායිකව හිතන අය ඕනැ ක්්රු රිජෙක්ට් කරනවා. සදාචාරසම්පන්න නැහැ කියනවා. නමුත් ෆැන්ටසි ටෙලි කලාවෙන් මිදුණු පොළොවේ පයගහලා බලන්න පුළුවන් කතාවක් විදියටයි මම එය දකින්නේ. මතිමතාන්තර දැක්වීමේ අයිතිය නිදහස ඕනෑම කෙනකුට තියෙනවා.
‘වාසල’ වගේ අනියම් පෙමක පැටලුණු අය ඕනැ ක්්රු ට මනාප නැතුවත් ඇති?
එහෙම පැත්තකුත් තියෙන්න පුළුවන්. ඒ අයට තමන්ගේ පවුලේ කට්ටිය එක්ක මෙය එකට ඉඳගෙන බලන්න චකිතයකුත් ඇති සමහර විට.
කොහොමත් සාරංග වැඩි දෙනා ඕනැ ක්්රු වටා අසුන් ගත්තා?
ප්රතිචාර හිතුවට වැඩිය ලැබුණා. සෝෂල් මීඩියා පුරා ඒ ගැන කියන කතාබහ දැක්කම ලොකු සතුටක් දැනෙනවා. පැයකට දෙකකට වතාවක් මුහුණු පොතේ ඒ ගැන මොනවා හෝ සටහන් වෙනවා.
සමහර රූපරාමු කොටු ගසා වසාදැමීම කතා රසයට හානියක් නෙවෙයිද?
සහතිකවම එය කතා රසයට හානියක්. නමුත් රූපවාහිනී චැනලයක නීතිරීතිවලට පටහැනිව යන්න බැහැ අපට.
වෙන බෙල්ට් එකක් ගන්න තිබුණා. රෑ 10 – 10.30 වගේ?
නාට්ය විකාශය වන බෙල්ට් එක තීරණය කිරීමේ අයිතිය තියෙන්නෙත් රූපවාහිනී චැනලයටම තමයි.
‘මේනකා’ව ඩිනක්ෂිට දුන්නේ වෙනත් නිළියක් එක්ක ඒ දර්ශන ඔබට අපහසු නිසාද?
මම මේනකාව ඩිනක්ෂිට දුන්නේ නැහැ. චරිත තේරුවේ සහ ඒ ගැන තීරණවලට ආවේ අධ්යක්ෂ රසාංජන සමග ඩිනක්ෂි සහ රෙබෙකයි. ඔහු ඒ දෙන්නට කිව්වා කතාබහ කොට චරිත හුවමාරු කරගන්න කියලා. ඒ අනුව ඒ දෙන්නා සුහදව මේනකාවයි අසේනිවයි බෙදාගත්තා.
කතාවක් කියනවා ඔබ ඩිනක්ෂිට මේනකාව දුන්නා කියලා?
අදයි දන්නේ එහෙම කතාවක් ගැන. කොහොමත් ඒ කතාව හිතලුවක් විතරයි.
ඕනැ ක්්රු නිෂ්පාදක ඔබ. ඒ නිසයි එහෙම කතාවක් හැදුණේ?
නිෂ්පාදනය මම බාරගන්නකොට රසාංජන චරිත තෝරලා රූගත කිරීම්ද තරමකට කරලා ඉවරයි. මෙහි නිෂ්පාදන කාර්යය පළමුව තිබුණේ මගේ අතේ නෙවෙයි. මම එය බාරගත්තේ මගකදීයි. ඒකයි ඇත්ත.
නිෂ්පාදන මෙහෙවර දෙන්නෙක් අතර හුවමාරු වුණේ ඇයි?
ඕනැ ක්්රු අධ්යක්ෂ රසාංජන මටයි ඩිනක්ෂිටයි මුලින්ම කතාකළේ චරිතවලට විතරයි. රූගතකිරීම් කරනකොට දැනුණු කලින් කතාකරගත්ත නිෂ්පාදනයේ පිරිවැය අනුව මෙය කරන එක තරමක් අසීරුයි කියලා. එයට වැඩි යමක් කිරීමේ හැකියාවක්ද එතැන තිබුණෙ නැහැ. ඒත් මේනකාව හොඳට පුළුල්ව කරන්න පුළුවන් යමක්ය කියලා දැනුණට පස්සේ මමත් රසාංජනත් නිෂ්පාදන මෙහෙවර තුළ අය එක්ක සුහදව කතාබහ කරලා වැයවූ මුදල පියවලා මට වැඩේ බාරදුන්නා. අන්න එතැන ඉඳලයි එය මගේ නිෂ්පාදනය වුණේ.
කොටස් 100ට එහා ඕනැ ක්්රු අරන් යන්නද කල්පනාව?
අපොයි නැහැ. ඊට බොහෝ මෙහා ඉලක්කම් දෙකක අංකයකින් එය අවසාන වෙනවා. ෆැන්ටසියක් නොවූ ටෙලියක් එහෙම ඇදගෙන යෑම එයට කරන හානියක්.
බොරුවට ඇදගෙන යන ‘සල්ලි පොකුරු’වල නම් ඔබ තවමත් ඉන්නවා?
ද්විත්ව චරිත නිසා හරි සතුටින් ‘සල්ලි පොකුරු’ බාරගත්තේ යමක් කරන්න පුළුවන් කියලා දැනුණු නිසයි. හොඳ ප්රතිචාර ලැබුණා ඒ දවස්වල. නමුත් දැන් මටත් හිතෙනවා එක තැන පල්වීමේ අවසානයක් දකිනවා නම් හොඳයි කියලා.
මේනකා, රෙබෙකා වුණා නම් ඒ සමහර දර්ශන ඔබ බාරගන්නවද?
ඒකෙ අවුලක් නැහැ. එතැන ඉන්නේ වාසල මිසක් සාරංග නෙවෙයි.
වැඩිය දක්ෂ ඩිනක්ෂිද රෙබෙකාද කියලා ඇහුවොත්?
උත්තරය සරලයි. ඒ තීරණය දෙන්න ඕනේ ප්රේක්ෂකයා. එය මගේ අයිතියක් නෙවෙයි.
දමයන්ති රේණුකා ප්රනාන්දු



















