BREAKING NEWS
Search

මේ දේවල් කලොත් වැඩ වැරදි. මැ.කො ගත් තද තීරණය

96

ජාතික ධජය මැතිවරණ ප්රචාරක කටයුතු සදහා යොදා ගත්තොත් නීතිය ක්රියාත්මක කරන බවත්, මෙහෙම ගියොත් තව ටික දිනකින් ජාතික ගීය පක්ෂයේ ගීතය බවට පත්වේවි යැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්රී රත්නායක පවසනවා. 

ඒ මෙවර ජනාධිපතිවරණය නිමිත්තෙන් ජනමාධ්යවේදීන් දැනුවත් කිරිමේ වැඩසටහනකට සහභාගි වෙමින්. මෙම වැඩමුළුව පැපරල් සංවිධානයේ අනුග්රහය මත සංවිධානය කර තිබුණා.

අපි දේශපාලනඥයින් දිහා බලනවා. ඒ අය නැතිනම් මැතිවරණයක් නෑ. ජාතික කොඩියේ අභිමානය අද බල්ලට ගිහින් තිබෙනවා . ඒක නිසා ජාතික කොඩිය මැතිවරණ ප්රචාරක කටයුතු සදහා මැතිවරණ ව්යාපාරය සදහා යොදා ගන්න එපා. දැන් ක්රිකට් තරගාවලදී ජාතික ධජය ඇගවටා ඔතා ගෙන එක අතකින් මත්පැන් බෝතලයක් අල්ලාගෙන නටනවායැයි මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා පවසනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *