මට ඕනේ වුණේ සංගීතය එක්ක මේ ලෝකෙට හොඳම දෙයක් ලබා දෙන්න – සම්මානයෙන් පිදුම් ලැබූ අපේ කාලයේ කෝකිලාවිය

106

කාංචනා අනුරාධි කියූ සැනින් ම ඇගේ මියුරු හඬ ඔබේ මතකයට නැඟෙන බව අපිට විශ්වාසයි.

ඒ තරමට කාංචනා කියන්නෙ රසික හදවත් හි ඉහළින්ම ලැඟුම් ගත් සොඳුරු තාරකාවක්.

හඬ වගේම අපූරු රුවකටත් හිමිකම් කියන කාංචිට, ගෙවුණු දවසක රසිකයින්ගේ හද සම්මානයට එහා ගිය සම්මානනීය වටිනාකමක් ලැබී තිබුණා.

, THE ASIA’S ICON AWARDS 2024 සම්මාන උළෙලේදී.

එහිදී ඇය හොඳම ගායිකාවට හිමි සම්මානයෙන් පිදුම් ලබා තිබුණා.

Monara

ලද සම්මානයේ සතුට කාංචනා සිය ෆේස්බුක් පිටුව තුළ මෙලෙස වචන කර තිබෙනු දක්නට ලැබුණා.

”පසුගිය දා BMICH හීදී පැවැත්වුණු THE ASIA’S ICON AWARDS 2024 සම්මාන උළෙලේදී, හොඳම ගායිකාවට ( BEST SINGER) හිමි සම්මානයට පාත්‍ර වූ බව සතුටින් දන්වා සිටිමි.

මේ ගමනේ ආරම්භයේ ඉඳන්ම මට ඕනේ වුණේ සංගීතය එක්ක මේ ලෝකෙට හොඳම දෙයක් ලබා දෙන්න.

ඉතින් මේ ගමනේ දී මට ශක්තියක් වුණ, මාව විශ්වාස කරපු, මගේ පවුලේ හැමෝටම,සැබෑම ගුරුවරුන්ට,සැබෑම යහළුවන්ට, සංගීතවේදීන්ට, ගී පද රචකයින්ට, වාදකයින්ට වගේම විශේෂයෙන්ම මගේ නිර්මාණ ආදරෙන් වැලඳගත් ආදරණීය රසික රසිකාවියන්ට හදපිරි ස්තූතිය පුද කරමි !

THANK YOU, THE ASIA’S ICON AWARDS 2024, FOR THIS HONOR! GRATEFUL AND DEEPLY HUMBLED

~ KANCHANA ANURADHI”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *