BREAKING NEWS
Search

දෙයියනේ මෙහෙම කරන්න පුලුවන්ද ? සේවයේ යෙදී සිටි තරුණ වෛද්‍යවරියගේ ඝාතනයේ සුලමුල හෙළිවෙයි. කාන්තාවකුත් සම්බන්ධයි. ඇග හිරිවැටෙන කතාව මෙන්න

562

2024 අගෝස්තු 9 වන දින, කොල්කටා රෝහලක පැය 36 ක සේවයේ යෙදී සිටි තරුණ වෛද්‍යවරියක් රෝහල් පරිශ්‍රය තුළදී අමානුෂික ලෙස දූෂණය කර ඝාතනය කර තිබේ.

ඇගේ පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාවට අනුව ඇගේ බෙල්ල මිරිකීමෙන් මුඛයෙන් ද , ඇස් කණ්නාඩි ඇසට තද කර ඇස් වලින් ද ලිංගික ප්‍රදේශවලින් ද ලේ ගලමින් තිබූ අතර උකුල් අස්ථි කැඩී ගොස් තිබුණි.

තවදුරටත් ඇගේ සිරුරේ ශුක්‍රාණු ග්‍රෑම් 151ක් සොයාගෙන ඇති අතර සාමාන්‍යයෙන් එක් පුද්ගලයෙකුට පිට කිරීමට හැක්කේ උපරිම ග්‍රෑම් 15ක් පමණි.

ඇගේ දූෂණය කෙතරම් බිහිසුණු එකක්ද?

ඇයව පිරිමින් 8 සිට 10 දක්වා දූෂණය කර, පසුව වෘත්තීයමය වශයෙන් ඝාතනය කරන ලදී.

මෙම ස්ත්‍රී දූෂණයට හා ඝාතන සිද්ධියට කාන්තාවක් ද සම්බන්ධය. ඇය එක් දූෂකයෙකුගේ පෙම්වතිය වන අතර ඇය මෙම වෛද්‍යවරිය සම්මන්ත්‍රණ ශාලාවේ විවේක ගැනීමට යවා ඇති අතර මෙම සිදුවීම සිදුව ඇත්තේ එහි තුලදීය.

ඉන්දියාවේ බටහිර බෙංගාලයේ සිදු වූ මෙම ස්ත්‍රී දූෂණ සිද්ධිය ලෝකයේ අප සියල්ලන්ම පීඩනයට පත් කරන අතර ඇය මුහුණ දුන් වේදනාවේ තරමින් දහයෙන් එකක්වත් අපට සිතාගතවත් නොහැකිය.

ඇයගේ මරණය පිළිබද විරෝදය පාමින් වැඩ වර්ජනයක්ද ක්රියාත්මක විය

ඉන්දියාවේ කොල්කටා නගරයේ පිහිටි වෛද්‍ය විද්‍යාල රෝහලක දී 31 හැවිරිදි පුහුණු වෛද්‍ය නිලධාරිනියක් දූෂණය කර මරා දැමීමේ සිද්ධියකට විරෝධය පාමින් ඉන්දියාවේ වෛද්‍යවරුන් විසින් දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීම හේතුවෙන් රෝහල්වල හදිසි සේවා කටයුතු පවා අඩපණ වී ඇති බව ඉන්දීය මාධ්‍ය විසින් වාර්තා කර තිබේ.

ඉකුත් සිකුරාදා පැය 36ක අඛණ්ඩ සේවා කාලයකින් පසු කොල්කටා නගරයේ පිහිටි පැරණිතම වෛද්‍ය විද්‍යාල රෝහලක් වන ආර් ජී කාර් වෛද්‍ය විද්‍යාල රෝහලේ සම්මන්ත්‍රණ ශාලාවක ගිමන් නිවීම සඳහා නිදා සිටි 31 හැවිරිදි පුහුණු වෛද්‍යවරියක් දූෂණය කර මරා දමා තිබිය දී ඉකුත් සිකුරාදා (09දා) සොයා ගැනුණු අතර රෝහල් බලධාරීන් මුලින් පවසා තිබුණේ වෛද්‍යවරියගේ මරණය සියදිවිනසා ගැනීමක් බවයි.

එහෙත් ඇය සම්බන්ධයෙන් පැවැති මරණ පරීක්ෂණයේදී මිය ගිය වෛද්‍යවරිය ඝාතනයට ලක් වීමට පෙර දූෂණය වී ඇති බවත් ඇයගේ ශරීරයේ විවිධ කොටස්වලින් රුධිරය වහනය වී ඇති බව අනාවරණය වී තිබිණි.

මෙම දූෂණ සිදුවීම ගැන හා ඝාතනය සම්බන්ධයෙන් අදාළ රෝහලේ සිවිල් ස්වේච්ඡා සේවකයකු වන සන්ජේ රෝයි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර එම සිදුවීමට රෝහලේ වෙනත් නිලධාරීන් සම්බන්ධ දැයි විමර්ශනය කෙරෙන බව ඉන්දීය මාධ්‍ය පවසයි.

මිය ගිය පුහුණු වෛද්‍යවරියට සාධාරණයක් ඉටුකරන ලෙසත් රෝහල් තුළ ආරක්ෂිත වටාපිටාවක් නිර්මාණය කරන ලෙසත් ඉල්ලමින් ඉන්දියාවේ නේවාසික වෛද්‍යවරුන්ගේ සංවිධාන බලමණ්ඩලය විසින් දීපව්‍යාප්ත වෛද්‍ය වර්ජනය කැඳවා තිබේ.

සංස්කරණය – ඒමන්ති මාරඹේ




Leave a Reply

Your email address will not be published. Required fields are marked *