ජාතික අය වැය චක්‍රලේඛය නිකුත් කරමින්, ලබන වසර සඳහා වාර්ෂික අයවැය ඇස්තමේන්තු සකස් කිරීම සඳහා මාර්ගෝපදේශ ලබාදෙමින් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා මෙම දැනුම්දීම සිදුකර ඇති බව යි සඳහන්..
එසේම, ආර්ථිකයේ මුහුණ දී සිටින අවදානම් සහ ශ්‍රී ලංකා ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමේ ආරම්භක අවදිය තුළ ඇති විය හැකි අනතුරුදායක තත්ත්වයන් පිළිබඳ විමසිලිමත් වීම අත්‍යවශ්‍ය බවයි එම චක්‍රලේඛයේ වැඩිදුරටත් දක්වා ඇත්තේ..
.
තවද , අභ්‍යන්තර සහ බාහිර අභියෝග තුළින් අනාගතයේදී එල්ල විය හැකි දුෂ්කරතා පිළිබඳව සලකා බලා මහා භාණ්ඩාගාරය විසින් මුදල් සංචිත ගොඩනැගීම සහ රාජ්‍ය මූල්‍ය ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීමට කටයුතු කෙරෙමින් පවතින බවද එහි සඳහන් කර තිබෙනවා..
පසුගිය දෙවසරට සාපේක්ෂව රාජ්‍ය මූල්‍ය තත්ත්වයේ සැළකිය යුතු මට්ටමක ස්ථාවරත්වයක් ඇතිව තිබුණත් මෙය කිසිසේත්ම සෑහීමකට පත්විය යුතු අවස්ථාවක් නොවන බවයි අමාත්‍යංශ ලේකම්වරයා එහිදී වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ…




















