BREAKING NEWS
Search

මධුසමයට යන්න ගිය මනාලියට ඇගිල්ල තියන්න බැරි වූ නිසා විවාහයත් දෙදරයි

836
බලපත්‍රය මුද්‍රණය කිරීමට යොදාගන්නා පාස්පොත් හිඟය නිසා ඇතිවූ පෝලිම් අස්සේ මධුසමයට යාමට නොහැකිවීමෙන් විවාහය දෙදරා යන්නට ගිය මනමාලියකගේ සිද්ධියක් ආගමන විගමන කාර්යාලයෙන් වාර්තා වෙනවා.

ඔස්ට්‍රේලියානු ජාතිකයකු හා විවාහ ගිවිස ගෙන මධුසමය සඳහා ඔස්ට්‍රේලියාවට යාමට ටිකට් පවා වෙන්කර ගුවන් ගමන් බලපත්‍රය අලුත් කරගැනීමට පැමිණි මනමාලියකට බලාපොරොත්තු නොවූ පරිදි ගුවන් ගමන් බලපත්‍රය ගැනීමට නොහැකි වී තිබිණි.

ඇය ඔන්ලයින් අයැදුම් කර ඇඟිලි සලකුණු ලබාදීමට පැමිණි මොහොතේ ආගමන විගමන කාර්යාලයේ නිලධාරීන් ගුවන් ගමන් බලපත්‍රය නිකුත් කිරීම ප්‍රතික්ෂේප කර ඇත.

නියමිත දිනට අනුව ගුවන් ටිකට් පත්‍ර වෙන්කරවාගෙන සැලසුම් කරගත් පරිදි මධුසමයට නොපැමිණෙන්නේ නම් දික්කසාද කරන බව ඔස්ට්‍රේලියානු ජාතිකයා ඒ මොහොතේ දැනුම් දීම නිසා අදාළ තරුණිය හඬා වැටෙමින් නිලධාරීන්ගේ සහාය ඉල්ලා ඇති බව සදහන්.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *