BREAKING NEWS
Search

තවත් භයානක රෝගයක් පැතිරෙයි. ලෝක සංවිධානය හදිස්සි තත්වයක් ලෙස දැනුම් දෙයි

211

අප්‍රිකානු මහාද්වීපයේ ප්‍රදේශ කිහිපයක පැතිරයන ‘එම්පොක්ස්’ වසංගතය ලොව අවධානයට ලක්විය යුතු මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය දැනුම්දී තිබේ.

කොංගෝ හි එම රෝගය වැළඳී දී පුද්ගලයින් 450 ක් පමණ ජීවිතක්ෂයට පත්විය. ආසාදිත වූ ගණන 14,000කට ආසන්නය.

මෙම වසංගතය ආරම්භක කාලයේදී හැඳින්වූයේ ‘මංකිපොක්ස්’ යනුවෙනි.

මේ වනවිට මෙම රෝගය බුරුන්ඩි, මධ්‍යම අප්‍රිකානු ජනරජය, කෙන්යාව සහ රුවන්ඩාව වැනි රටවලින් වාර්තා වී තිබේ.

‘එම්පොක්ස්’ ආසාදනය වන්නේ ලිංගික සබඳතා සහ වෙනත් සමීප සබඳතා ඔස්සේ සහ ආසාදිතයෙක් සමග කතාකරන විට හෝ එවැනි පුද්ගලයෙක් ආසන්නයේ සිට හුස්ම ගන්නා විටදී බව ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසීය.

එහි මූලික රෝග ලක්ෂණ ලෙස උණ ඇතිවීම, සමෙහි තුවාල මතුවීම ලෙස දැක්වෙයි. සෑම ආසාදිතයින් 100කින් 4 දෙනෙක් පමණ මරණයට පත්වීමට ඉඩ ඇති බව සඳහන් ය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *