BREAKING NEWS
Search

රාජ්‍ය සේවක වැටුප් කිරීම ගැන හදිසියේම විශේෂ දැනුම්දීමක්… මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කළ අනාවරණය මෙන්න…

266
සේවක වැටුප් වැඩිකිරීමේ යෝජනා තුළ කිසිදු දේශපාලන අරමුණත් නොමැති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා අද (14) මාධ්‍ය වෙත අදහස් පල කරමින් කියා සිටියේ රජය හැකි සෑම විටක ම ජනතාවට ලබාදිය හැකි උපරිම සහන ලබාදීමට කටයුතු කරන බවය.

කලක පටන් පැවති ඉල්ලීම් සලකා බලා හිටපු ජනාධිපති ලේකම් උදය ආර්. සෙනවිරත්නගේ ප්‍රධානත්වයෙන් පත් කළ විශේෂඥ කමිටුව මගින් ලබාදුන් නිර්දේශ හා තීරණ අනුව ඉදිරිපත් මෙම යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණු බව ඔහු පවසා සිටියා.

එහිදී පවතින ජීවන තත්ත්වය , ආර්ථික තත්ත්වය , ගෙවීමේ හැකියාව ආදී සෑම පැතිකඩක්ම පිලිබඳ අවධානය යොමුකර මෙම කමිටු වාර්තාව සකස් කර ඇති බව ඔහු අනාවරණ කර සිටියා.

එමෙන්ම සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් පැවති සාකච්ඡා වලින් අනතුරුව පත්කළ කමිටුව මගින් ලබාදුන් විසඳුම් යෝජනා මීළග කැබිනට් මණ්ඩලයට ඉදිරිපක් කිරීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය වැඩිදුරටත් කියා සිටියා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *