BREAKING NEWS
Search

තිලකරත්න ඩිල්ශාන්ගේ සහය සජිත්ට

87

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයකු වන තිලකරත්න ඩිල්ශාන් මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස⁣ මහතාට සහාය දැක්වීමට තීරණය කර තිබේ.

සජිත් ප්‍රේමදාස මහතාගේ රට ගොඩනැගීමේ ගමනට සහාය පළ කිරීමේ අරමුණින් ඒ මහතා සමගි ජන බලවේගය හා එක්ව ඇත.

වසර 17කට ආසන්න කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ තිලකරත්න ඩිල්ශාන් මහතා කලක් එහි නායකත්වය ද හෙබවීය.

මේ අතර පසුගිය දා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු වන හෂාන් තිලකරත්න මහතා සහ ඔහුගේ බිරිඳ වන අප්සාරි තිලකරත්න මහත්මිය ද සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීම සඳහා සමගි ජන බලවේගය හා එක්වුණි.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *