BREAKING NEWS
Search

සායනයට ආ තිදරු මව බසයට බිළි

132

තංගල්ල මූලික රෝහලේ පැවති වෛද්‍ය සායනයකින් ප්‍රතිකාර ලබා නිවසට යාමට තංගල්ල  මහවෙල පාරේ රෝහල් හන්දිය අසලින් පාර මාරුවීමට තැත් කළ කාන්තාවක් අද (13) සවස 4 ට පමණ ලංගම බස් රථයක හැපී මිය ගිය බව තංගල්ල මූලස්ථාන පොලිසිය පැවසීය .    

මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බෙලිඅත්ත පලපොත නැගෙනහිර ,යායවත්තේ පදිංචිව සිටි මොරටු හේවාගේ සුරංගිකා නමැති 42 හැවිරිදි තිදරු මවකි .

ඇයගේ සැමියා ධීවර කාර්මිකයකු ලෙස රැකියාව කරන අයෙකු බව පොලිසිය පැවසීය.

කාන්තාව අනතුරට පත් කළ ලංගම බස් රථය කොළඹ සිට කතරගම දක්වා ධාවනය වු අම්බලන්තොට ලංගම ඩිපෝවට අයත් බස්‍ රියකි.

බස්‍ රියේ හැපුණු කාන්තාව සිද්ධිය වූ ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව සිටි බව පොලිසිය පැවසීය .

ජීවිතක්ෂයට පත් කාන්තාවගේ දේහය තංගල්ල මූලික රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර තිබේ .




Leave a Reply

Your email address will not be published. Required fields are marked *