BREAKING NEWS
Search

තණමල්විල සිසුවිය කෙළසූ සිද්ධියට විදුහල්පතිත් අත්අඩංගුවට

322

පාසල් දැරියකට ලිංගික අතවර  කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සියලු තොරතුරු දැනගෙනත් එම තොරතුරු පොලිසියට වසන් කිරීම සම්බන්ධයෙන් තණමල්විල ජාතික පාසලේ විදුහල්පතිවරයා ඇතුළු සිවුදෙනෙකු අද (13)සවස අත්අඩංගුවට ගත් බව තණමල්විල පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ එම පාසලේ විදුහල්පතිවරයා ,නියෝජ්‍ය විදුහල්පතිවරයා, උපදේශන ගුරුවරියක් විනය කමිටුව බාරආචාර්යවරිය යන සිව් දෙනනාය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තණමල්විල පොලිසිය , තණමල්විල  කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාගෙන් ප්‍රකාශයක් ලබාගෙන ඇත.

සිද්ධිය පොලිසියට දැනුම්වත් කරන ලෙස කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා උපදෙස් දී ඇති බව ඔහුගේ ප්‍රකාශයේ සඳහන් වන බවත් පාසලේ විදුහල්පතිවරයා ඇතුළු කමිටුව එම තීරණය ක්‍රියාත්මක කර නැති බවත් මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා කියා සිටියේය .

දැරියටය අතවර කළ බව කියන සිසුන්  21 දෙනකු සහ ඊට අනුබල දුන් කාන්තාව අගෝස්තු මස 22 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස වැල්ලවාය දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් චතුර ඊ දිසානායක මහතා නියෝග කළේය.

මෙසේ අත්අඩංගුවට ගත් පාසල් ශිෂ්‍යයන් 21 දෙනා බණ්ඩාරවෙල සුරක්ෂා ළමා නිවාසයේ රඳවා තැබීමටද මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබිණි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *