BREAKING NEWS
Search

සම්මාන ගන්න ආ ෂාරුක් මහල්ලකු තල්ලු කරලා

4800

සුපිරි බොලිවුඞ් නළු ෂාරුක් ඛාන්ට සමාජ මාධ්‍ය ඔස්සේ දොස් ඇසීමට සිදුවී ඇත.

ඒ, ස්විට්සර්ලන්තයේ ජාත්‍යන්තර සම්මාන උළෙලක දී රතු පලස මත, මාධ්‍යවේදීන්ගේ ඡායාරූපවලට මුහුණ දෙමින් සිටිද්දී, ඔහු අසල සිටි මහලු පුද්ගලයකු පැත්තට තල්ලු කිරීම හේතුවෙනි.

මෙම සිද්ධියට අදාල වීඩියෝ දසුන් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී ඇත.

ඒ මහලු පුද්ගලයා කවුරුන්දැයි අනාවරණය වී නැත.

එසේ වුවත්, ෂාරුක්ට චෝදනා එල්ල වෙද්දී, ෂාරුක් වෙනුවෙන් පෙනී සිටි හිතවාදීන් පන්වා දී ඇත්තේ, ෂාරුක් පසුපසට තල්ලු කළ එම පුද්ගලයා ෂාරුක්ගේ මිතුරකු බවය.

ෂාරුක් රතු පලස මතින් පැමිණියේ, ලොකර්නෝ සිනමා සම්මාන උළෙලට සහභාගී වීමටය. සම්මාන උළෙලේ ‘පාර්ඩෝ අල්ලා කැරියේරා’ සම්මානය ෂාරුක්ට හිමිවිය. ඒ පළමු වතාවටය.

මෙම ගෞරවණීය සම්මානය හිමිකරගත් පළමු ඉන්දියානුවා බවට පත් වූයේ ද ෂාරුක් ඛාන්ය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *