BREAKING NEWS
Search

කටුනායක ගුවන් තොටුපොළේ වීසා අර්බුදයක්

162

මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයන් ඇතුළු අනෙකුත් පුද්ගලයන්ට මාර්ගගත ක්‍රමයට වීසා නිකුත් කිරීම සිදු නොවීම නිසා, කටුනායක ගුවන් තොටුපොළේ වීසා ලබා ගැනීමේ අර්බුදයක් මතුව ඇති බවට වාර්තා වනවා.

ශ්‍රේෂ්ඨාධිකරණය මගින් පසුගියදා නිකුත් කළ නියෝගයකට අනුව මෙරටට පිවිසීමට වීසා නිකුත් කිරීමේ කටයුතු වලින් වී.එෆ්.එස්.ග්ලෝබල් සමාගම ඉවත් කිරීමට සහ ගුවන් තොටුපොළ තුළ පැරණි ක්‍රමයට සාමාන්‍ය පරිදි වීසා නිකුත් කිරීම සිදු කරන ලෙස නියෝග කරනු ලැබුවා.

කෙසේ වෙතත් පැරණි ක්‍රමයට වීසා නිකුත් කිරීම තවමත් ආරම්භ කර නොමැති නිසා ගුවන් තොටුපොළ වෙත පැමිණ වීසා ලබා ගැනීම සදහා පෝලිම් පවතින බවයි හිරු ගුවන් තොටුපළ වාර්තාකරු සදහන් කළේ.

අගෝස්තු මාසයේ සිට සංචාරක සමය ආරම්භ වී පැවතීමත්, මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය නැරඹීමටත් විශාල වශයෙන් විදේශීය සංචාරකයන් මෙරටට පැමිණෙමින් සිටිනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *