BREAKING NEWS
Search

බුකිය කලැබූ දුම්රිය නවතා කෑම ගන්න ගිය වීඩියෝවේ ඇත්ත කතාව (VIDEO)

868

පුත්තලම – කොළඹ මාර්ගය හරහා දුම්රියක් නවතා එහි රිය සහායකවරයෙකු අසළ පිහිටි වෙළෙදසැලකින් ආහාර ලබා ගන්නා වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වෙමින් තිබෙනවා.

රූප රාමුවලින් ජනතාව අතර වැරදි මතයක් පැතිර ගිය ද, එහි සත්‍ය කරුණ නම් අදාළ දුම්රිය නවතා තිබෙන්නේ වයික්කාල දුම්රිය ස්ථානයේ බව තහවුරු වී ඇත.

වයික්කාල දුම්රිය ස්ථානය කුඩාවීම හේතුවීම සහ එම අවස්ථාවේ නවත්වනු ලබන මගී දුම්රිය වැඩි දිගකින් යුක්තවීම හේතුවෙන් එහි එංජිම කොටස පුත්තලම – කොළඹ මාර්ගය මැදට වන්නට නවත්වනු ලබයි.

එම අවස්ථාවේ රියසහයක විසින් දුම්රිය එංජිමෙන් බැස ගොස් අසළ වෙළෙදසැළකින් කෑම පාර්සලයක් මිලදී ගෙන යළි නැවත දුම්රිය එංජිමට ඇතුළු වෙනවාත් සමගම, යළි දුම්රිය ධාවනයවීමට ආරම්භවීමට පටන් ගන්නා ආකාරය අදාළ වීඩියෝවෙන් දැකගත හැකිය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *