BREAKING NEWS
Search

මාස 4ක බිලිඳෙකු ඇතුළු තිදෙනෙකුගේ අවසන් මොහොත කැමරා කාචයේ – වීඩියෝව මෙන්න

233

වේවැල්දෙණිය ප්‍රදේශයේ දී සිදුවූ රිය අනතුරකින් කුඩා බිළිදෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ.

එම අනතුර සිදුවන ආකාරය පිටුපසින් පැමිණි වාහනයක ඉදිරිපස කැමරාවේ සටහන්ව තිබුණි.

පොලීසිය ප්‍රකාශ කළේ, මාර්ගය අසල නවතා තිබූ ලොරි රථයක ත්‍රිරෝද රථයක් ගැටී අද (12) දහවල් එම අනතුර සිදුව ඇති බවය.

අනතුරින් ත්‍රිරෝද රථයේ රියදුරු සහ එහි ගමන් කළ කාන්තාවක් හා මාස 04ක් වයසැති කුඩා බිළිදෙකු මියගොස් තිබේ.

ත්‍රිරෝද රථයේ ගමන් කළ තවත් කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි ළමයෙකු බරපතළ තුවාල ලබා වරකාපොළ රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය පැවසුවේය.

ත්‍රිරෝද රථයේ රියදුරුට නින්ද යාම අනතුරට හේතුව වී ඇති බව පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *