”Port City කෙටුම්පතේ ඇතැම් වගන්ති ව්‍යවස්ථාවට පටහැනියි” අධිකරණ තීන්දුව මෙන්න

139

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබේ.

මේ බව අද (මැයි 18) කතානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ය.

ඒ අනුව, එම පනත් කෙටුම්පත සම්මත කිරීමට නම්, විශේෂ බහුතරයකින් සහ ජනමත විචාරණයකින් එය සම්මත කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය කතානායකවරයාට දැනුම් දී ඇත.

කෙසේ වෙතත්, අදාළ වගන්ති සංශෝධනය කරන්නේ නම්, පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් පනත් කෙටුම්පත සම්මත කළ හැකි බව ද දැනුම් දී තිබේ.

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ විවාදය හෙට (මැයි 19) සහ අනිද්දා (මැයි 20) දෙදින පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතය.

Mawbima.lk




Leave a Reply

Your email address will not be published. Required fields are marked *