ඩබල් වී ලැබෙන දීමනාව

365
කැබිනට් අනුමැතිය හිමිවූ විශ්‍රාමිකයන්ගේ රුපියල් 3000ක අන්තර් කාලීන මාසික දීමනාව හිඟ මුදල ද එකතු කර, ඔක්තොම්බර් විශ්‍රාම වැටුප සමඟ ගෙවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සිම්මලාපිටිය පවසනවා.

පසුගියදා, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ලෙස ඉදිරිපත් කොට සම්මත වූ විශ්‍රාමිකයින් සඳහා පසුගිය අප්‍රේල් මාසයේ සිට ගෙවන රු.2500 දීමනාවට අමතරව වැටුප් විෂමතා සකස්කරන තෙක් ගෙවීමට නියමිත රැපියල් 3000ක අන්තර් කාලීන දීමනාව ඔක්තොම්බර් මාසයේ සිට ක්‍රියාත්මක කරනු ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව, සැප්තැම්බර් මාසයේ ලැබිය යුතු රුපියල් 3000 ක හිඟ මුදලද සමඟ ඔක්තොම්බර් මාසයේදී විශ්‍රාම වැටුපට රුපියල් 6000 ක් හිමිවන අතර ඉන් පසුව නොවැම්බර් මාසයේ සිට මෙතෙක් ලැබුණු රු.2500 දීමනාවට අමතරව මෙම අළුතින් ලබාදෙන රුපියල් 3000 ක අන්තර්කාලීන දීමනාව විශ්‍රාමිකයින්ට ගෙවීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා



Leave a Reply

Your email address will not be published. Required fields are marked *