BREAKING NEWS
Search

හැඳුනුම්පත් ක්‍රමවේදය උල්ලංඝණය කළ 100කට අධික පිරිසක් අත්අඩංගුවට

125

සංචරණ සීමා ක්‍රියාත්මක කාලය තුළ අනුගමනය කළ යුතු හැඳුනුම්පත් ක්‍රමවේදය උල්ලංඝණය කළ පුද්ගලයින් 141 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඊයේ (මැයි 17) දින පරීක්ෂාවට ලක් කළ පුද්ගලයින් 11,408 දෙනෙකු අතරින් මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේ, පසුගිය පැය 24 තුළ නිරෝධායන නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් ද පුද්ගලයින් 223 දෙනෙකු අත්අඩංගුවට ගත් බවය.

ඒ අනුව, මේ දක්වා නිරෝධායන නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පුද්ගල සංඛ්‍යාව 10,073ක් පමණ වේ.

තව ද ඊයේ (මැයි 17) බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක කළ නිරෝධායන මෙහෙයුම්වලදී බස්නාහිර පළාතෙන් පිටතට ගමන් කළ වාහන 2,044 ක ගමන් ගත් පුද්ගලයින් 3,882 ක් පරීක්ෂාවට ලක් කර ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ, හැඳුනුම්පතේ අවසන් අංක ලෙස 0, 2, 4, 6, 8 යන අංක සහිත පුද්ගලයින්ට පමණක් යම් අවශ්‍යතාවක් ඇති නම් අද (මැයි18) දින සිය නිවෙස්වලින් පිටතට යා හැකි වන බවය.

Mawbima.lk




Leave a Reply

Your email address will not be published. Required fields are marked *