BREAKING NEWS
Search

විනාඩි 45 යනකන් ඇයව රෝහලට ගෙනියන්න කවුරුත් ඉදිරි ඉදිරිපත් වෙලා නැහැ – ගෙන ගියා නම් ඇය සහ කුස තුල සිටි බිළිදාගේ ජීවිත බේරා ගන්න තිබ්බා – මුහුණුපොත සංවේදී කළ කතාව

935

අපේ රටේ මිනිස්සුන්ගේ නොමිනිස්කම ගැන තමයි මේ කතාව.

මුහුණුපොතේ හුවමාරු වෙන සම්පුර්ණ සටහන පහතින් ,

මිනිසුනේ නුඹලාගේ මනුස්සකම සැගවුනේ කොයිබටද ?

මීට වසර 15 පමණ පෙර මාගේ සිසු දියණියක්ව සිට එක්දරු මවක් වන පහත දැක්වෙන ප්‍රමෝධා නොහික්මුණු ටිපර් රථ රියදුරෙකු විසින් හප්පා ගොස් හදිසි අනතුරකින් මරණයට පත්වූවා.

ඊයේ දින ඇයගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සදහා පානදුර පිහිටි ඇයගේ නිවසට ගිය පසු හද කම්පාවට පත්කරන ඇගේ දේහය දැක මාහට දරාගත නොහැකි වුයේ. ඇය මියයනවිට සත් මසක් ගැබිණියක්ව සිට එම බිළිඳාගේ කුඩා දේහයද ඇයගේ උකුල මත තබා තිබුණු අයුරු දැකීමෙනි.

එකතැන නවතා තිබූ බයිසිකලයේ සිටි ඇය සිය වැඩිමහල් දියණිය මොන්ටිසෝරියට ඇරළිමට ගොස් සිටියදී මෙම ඛේදවාචකය සිදුවී ඇත. මෙහි වඩාත්ම කම්පාවීමට හේතුව වන්නේ අනතුර සිදුවී විනාඩි 45 පමණ එම ස්ථානයෙන් ඇයව කිලෝමීටර් 2 පමණ දුරින් ඇති පානදුර රෝහලට ගෙන යෑමට කිසිවෙකු ඉදිරිපත් නොවීමයි.

සිය ගනන් වාහන එහා මෙහා ගමන්කරන එම මාර්ගයේ. කිසිවෙකු ඉදිරිපත්වී ඇයව රෝහලට ගෙන ගියානම් ඇය සහ කුසතුල සිටි බිළිදාගේ ජීවිත බේරා ගැනිමට හැකියාවක් තිබූබව වෛද්‍යවරුන් පවසා තිබේ.

ත්‍රිවීල් රථ ගාලක් අසල සිදුවූ මෙම අනතුර දැක බොහෝදෙනා කර තිබෙන්නේ එම අනතුර පොටෝ සහ වීඩියෝ කිරීමයි. බොහෝ වාහන නවතා එම අනතුර නරඹා සිටීමයි. තමන්ට කරදරයක් නොවන තාක්කල් අනුන්ගේ කරදරය තවත් එක් සිද්ධියක් ලෙස සලකන බොහෝ පිරිසක් තමුන්ගේ වාහනයකට නංවාගෙන ඇයව රැගෙන රෝහලට ගෙන නොගියේ සමහරවිට වාහනයේ සීට්වල රුධිරය ගෑවෙන නිසාවෙන්ද ? එසේ නොමැතිනම් අනවශ්‍ය කරදරයක් අත් නොගැසීමද මට සිතා ගැනීමට නොහැක. මිනිසුනේ නුඹලාගේ මනුස්සකම සැගවුනේ කොයිබටද ?




Leave a Reply

Your email address will not be published. Required fields are marked *