BREAKING NEWS
Search

පොලිසියෙන් කියා ඇවිත් ගුරුවරියටයි දරුවන්ටයි ගහලා

144

පොලීසියෙන් බව පවසමින් කටුගස්තොට ධර්මවිජය විද්‍යාලයට පැමිණි පුද්ගලයකු ගුරුවරියකට හා සිසුන් පස් දෙනකුට පහරදී පළාගොස් ඇතැයි කටුගස්තොට පොලීසිය කියයි.

මෙම පහරදීමෙන් අනතුරුව ගුරුවරිය සන්තකයේ පැවති ජංගම දුරකථනයක් ,මුදල් හා රන් ආභරණද කොල්ලකා සැකකරු පළාගිය බවට පල්ලේගුණ්නැපාන පදිංචි එම ගරුවරිය  කටුගස්තොට පොලීසියට පැමිණිළි කළාය.

සිද්ධියෙන් පහරකා ඇති සිසුන් පස්දෙනා එම අනපේක්ෂිත සිද්ධියෙන් ගුරුවරිය බේරාගැනීමට උත්සාහ ගත් එම විද්‍යාලයේ ඉගනුම ලබන 9 වසරේ සිසුන් බව අප පාසලෙන් කළ විමසුමකදී එහි ආචාර්ය මණ්ඩලයේ සාමාජිකයෙක් පැවසීය.

මෙම පාසල කටුගස්තොට පොලීසිය ආසන්නයේ පිහිටා ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *