BREAKING NEWS
Search

ජනපති සටනින් දිලිත් ජයවීර ඉල්ලා අස්වුණා ද? එළියට ආපු අලුත්ම කතාව මෙන්න

347

සර්ව ජනබලයෙහි ජනාධිපතිධුර අපේක්ෂක ව්‍යාපාරික දිලිත් ජයවීර මහතා ඉන් ඉවත් වන බවට සමාජ මාධ්‍ය තුළ හුවමාරු වන ව්‍යාජ එකක් බව එම පක්ෂය පවසනවා.

අදාළ ලිපිය ඊයේ (09) පස්වරුවේ සිට සමාජ මාධ්‍ය තුළ හුවමාරු වූ අතර ඒ සම්බන්ධයෙන් ඇතැම් පාර්ශ්ව විවිධ මත පළ කරමින් සිටිනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 19 දෙනෙකු සහ සිවිල් සමාජ සන්ධානගත වී පසුගියදා සිය ජනාධිපති අපේක්ෂකයා දිලිත් ජයවීර මහතා බවට දැනුම්දීමටයි කටයුතු කළේ.

ඒ අනුව මේ වනවිට මැතිවරණ ප්‍රචාරණ කටයුතු ඔවුන් විසින් සිදු කරනු ලබනවා.

එවන් පසුබිමක මෙම ලිපිය සමාජ මාධ්‍ය තුළ හුවමාරු වීමත් විශේෂත්වයක්.

මේ අතර සර්වජන බලය උපාය මාර්ගික වැඩපිළිවෙළෙහි දෙවැනි කෙටුම්පත විද්වත් සංවාදය අද (10) කුරුණෑගල දී පැවැත්වීමට නියමිතයි.

එය පස්වරු 2.30ට ආරම්භ කරන බවයි, පක්ෂයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේ.

Monara




Leave a Reply

Your email address will not be published. Required fields are marked *