BREAKING NEWS
Search

ජනප්‍රිය නළු ධනංජය සිරිවර්ධන තාවකාලික පැවිදි දිවියට. සමාජ මාධ්‍යවලින් ඉවත් වී දුරගමනක් යයි – වීඩියෝ දර්ශණ මෙන්න

3089

ජනප්‍රිය රංගන ශිල්පී ධනංජය සිරිවර්ධන තාවකාලික පැවිදි දිවියට ඇතුළු වී තිබෙනවා.

සිය Youtube ගිණුමට වීඩියෝවක් එක්කරමින් ඔහු මේ බව සඳහන් කළා.

ඒ අනුව ධනංජය මීමුරේ පිහිටා ඇති ආරණ්‍ය සේනාසනයක පැවිදි වී ඇති බව සඳහන්.

තාවකාලික පැවිදි දිවිය තෝරාගැනීම සම්බන්ධයෙන් ඔහු මෙලෙස අදහස් පළ කළා.

“මගේ රස්සාවත් එක්ක විවිධ චරිත නිරූපනය කරන්න ලැබෙනවනේ. මෑතකදී ලැබුණා සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ “ගෞතම බුද්ධ මාතා” කියන චිත්‍රපටයේ ආනන්ද හාමුදුරුවන්ගේ චරිතය නිරූපනය කරන්න .ඒ නිසා මට හිතුණා ඇත්තටම භික්ෂුවකගේ තත්ත්වය මොන වගේ ද කියන එක අත්විඳින්න.

ඒ වගේම බෞද්ධයෙක් විදියට ඉපදුණා නම් ඇයි අපි පැවිදි ජීවිතය ගැන අත්දැකීමක් නොලබා ඉන්නේ. මට හිතෙනවා හැම බෞද්ධයෙක්ම ජීවිතේ කෙටි කාලයක් හරි මේ අත්දැකීම ලබන්වා නම් ඒක බෞද්ධායාගේ ජීවිතයට හොඳ අත්දැකීමක් වේවි කියලා.”

සම්පූර්ණ වීඩියෝව පහතින්..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *