BREAKING NEWS
Search

කාංජිපානි ඉන්න තැන දන්නවා හැබැයි කියන්නේ නෑ- ඇමැති ටිරාන්

234
පාතාල නායක කාංජිපානි ඉම්රාන් සිටින තැන දන්නා බවත් එය මාධ්‍ය වෙත හෙළි නොකරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසනවා.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (09) පැවැති මාධ්‍ය හමුවක් අමතමින්.
එහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්ණ කර සිටියේ කාංජිපානි ඉම්රාන් සැඟව සිටින ස්ථානය සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍ය නාලිකා මඟින් යම් ප්‍රචාරණයන් සම්බන්ධයෙන් කල විමසීමකදිය.
එහිදී අමාත්‍යවරයා පැවසුවේ සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැම් පිරිස් පවසන ආකාරයට කාංජිපානි ඉම්රාන් සිටින තැන නිවැරදි නොවන බවයි.
සමහරු පවසන්නේ එම කටයුතු ඔවුන්ට භාර දෙන්න ගෙනල්ලා දෙන බව ද නමුත් එම කාරණයේ කිසිදු සත්‍යතාවයක් නොමැති බව අමාත්‍ය ටිරාන් අලස් කියා සිටියා.

මෙරට බුද්ධි අංශ මඟින් ලබා දෙන තොරතුරු නිවැරදි බවත් ඔහු සිටින ස්ථාන තමා දන්නා බව ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළා.

කාංජිපානි ඉම්රාම්ව විදේස් රටකදී අත්අඩංගුවට ගැනීමක් මෙතෙක් වාර්තා වී නොමැති බව ද ඔහු කියා සිටියා.

එමෙන්ම මෙරටදී කාංජිපානි ඉම්රාන්ව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මතමුදා හැරිමෙන් පසුව ඔහු මෙරටින් පලා ගොස් ඇති බව අමාත්‍ය ටිරාන් අලස් වැඩිදුරටත් කියා සිටියා.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *