පසුගිය මාසය තුළ Meta වේදිකා හරහා දේශපාලන දැන්වීම් වෙනුවෙන් වැඩිම මුදලක් වියදම් කළ රට බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ දේශපාලන ව්‍යාපාරය පත්ව ඇති බව ආරංචි මාර්ග සඳහන් කරනවා.
දේශීය සංවිධානයක් වන Hashtag Generation විසින් ප්‍රකාශයට පත් කරන ලද දත්තවලට අනුව, වික්‍රමසිංහට සහාය දක්වන දේශපාලන ව්‍යාපාර ජූනි 30 සිට ජුලි 29 දක්වා Meta වෙළඳ දැන්වීම් සඳහා පමණක් රුපියල් මිලියන 5.1ක් හෝ ඩොලර් 17,000කට වැඩි මුදලක් වියදම් කර ඇති බවයි වාර්තා වන්නේ.
ඩොලර් 13,093ක මුදලකට දැන්වීම් 44ක් ලබා ගනිමින් ‘රනිල් සමග එක්වන්න’ ෆේස්බුක් පිටුව ප්‍රථම ස්ථානයට පත්ව ඇති අතර ‘එජාප ස්වේච්ඡා සේවකයෝ’ පිටුව දැන්වීම් 8ක් සඳහා ඩොලර් 3,559ක් වියදම් කර ඇති බව සඳහන්.
එමෙන්ම ජනාධිපති අපේක්ෂක විජයදාස රාජපක්ෂට සහය පළ කරමින් දැන්වීම් 10ක් වෙනුවෙන් ඩොලර් 2,323ක් වැය කර ඇති බව අනාවරණ වී තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය අංශය මගින් පළකළ දැන්වීම් 17ක් සඳහා ඩොලර් 661ක් වැය වී තිබෙනවා.
ජාතික ජන බලවේගය සහ එහි නායක අනුර කුමාර දිසානායක ඉලක්ක කර ගත් අන්තර්ගතයන් සහිත පිටුවක් වන ‘Next Politics’ නම් ෆේස්බුක් පිටුව මෙම කාලය තුළ දැන්වීම් 54ක් සඳහා ඩොලර් 354ක් වියදම් කර තිබෙනවා.
කෙසේ වෙතත් පක්ෂ සම්බන්ධය තවමත් නොදන්නා එහෙත් වික්‍රමසිංහට සහාය දක්වන අන්තර්ගතයන් සහිත ෆේස්බුක් පිටු ද නිරීක්ෂණය වී ඇති බවයි වාර්තා වන්නේ.
source : asianmirror
















