BREAKING NEWS
Search

මචං මගේ පපුව පොඩ්ඩක් රිදෙනවා- විවාහ වූ පැරණි පෙම්වතිය නිසා පෙම්වතා රෝහලේ.. විරහා ගීයක් නිසා සිදු වූ අලකලංචිය

865
ඔහු අවංකවම පෙම් කළ පෙම්වතෙක්.. මේ කියන්න යන්නේ ඔහු ගැන ඇසෙන අනුවේදනීය කතාවයි..

ඔහුට ඇගේ ආදරය අහිමි වුණත් තවමත් ඇයට ආදරය කරන පෙම්වතෙක්..

මේ කතාව ඇසෙන්නේ තලාතුඔය ප්‍රදේශයෙන් .. කොහොම හරි දවසක ඔහු මිතුරන් පිරිසක් එක්වී පැවැත් වූ සාදයකට සහභාගී වුණා..

විවිධ වර්ගවල බීම හා කෑම සමගින් තිබු සාදයට සංගීත භාණ්ඩ කිහිපයක්ද රැගෙන ආ මධුවිත තොල ගාමින් ගීත ගායනා කරන්නට වුණත්, මත්වුණු මිතුරන් ගායනා කළ විරහ ගී නිසා තම පැරණි පෙම මතක් වී හදවතේ වේදනාවක් ඇති වී සාදය නවත්වා වෛද්‍යවරයකු වෙත ගොස් තිබුණා..

“මචං මගේ පපුව පොඩ්ඩක් රිදෙනවා” ඔහු කිව්වේ එපමණයි.. මිතුරන්ද මේ නිසා බියට පත්වෙලා.. කොහොම හරි අවසානයේ පපුවේ රිදිල්ල වැඩි වූ නිසා මොහු රෝහලේම නවතාගෙන ප්‍රතිකාර කර තිබූ අතර, පසුවදා උදේ මිතුරන් පිරිස තම අසනීප මිතුරා බලන්න ගොස් ඊයේ රාත්‍රියේ මොකද මචං වුණේ යැයි විමසා තිබුණා..

එවිට අසනීප මිතුරා පවසා ඇත්තේ මචං උඹල ලස්සන බූට් සින්දු ටිකක් කිව්වනේ ඉතින් මගෙත් එක්ක යාළුවෙලා හිටිය අහවලා මතක් වුණා…

ඒකි දැන් බැඳලනේ උඹලා දන්නවනේ මං එයාට කොච්චර ආදරේ කරාද කියලා, මමත් ටිකක් මත් වෙලානේ හිටියේ මට ඒ සින්දු දරා ගන්න අමාරු වුණා මගේ පපුව හිරවෙන්න ගත්තා මචං යැයි පැවසූ පසු, මිතුරන්, අනේ උඹ වගේ මෝඩයකු යැයි පවසා මහ හඬින් සිනාසි ඔහුට විහිළු කොට නිවසින් පිටවී ගොස් තිබුණා..



Leave a Reply

Your email address will not be published. Required fields are marked *