BREAKING NEWS
Search

මධු සමයට ගිය පෙම්වතාට සිහිනෙකින් වත් නොසිතන දෙයක් කළ පෙම්වතිය

35927

මනාලිය වෙන පුරුෂයකු සමගත්, මනාලයා වෙන තරුණියක සමගත් ගිය පුවතක් වාර්තා වනවා…. අසන්නට ලැබුණු සිදුවීම මෙසේයි.

මවුපියන් නිසි වයස පැමිණි එක්තරා තරුණියකට මඟුලක් යෝජනා කර ඇති අතර තරුණිය එයට අකමැත්ත ප්‍රකාශ කර ඇත්තේ ඇය වෙනත් පුද්ගලයකු හා සම්බන්ධයක් ඇති කරගෙන සිටි බැවිනි.

කෙසේ වෙතත් මවුපියන් ගෙනා යෝජනාව තදින්ම ක්‍රියාත්මක කර ඇති අතර ඇයට යෝජනා කළ තරුණයා ද වෙනත් තරුණියක හා ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් තිබේ.

කෙසේ හෝ මඟුල තීන්දු වී ජයටම සිදු කෙරී ඇති අතර ඔවුන් මධු සමය සඳහා ඈත ප්‍රදේශයකට ගොස් තිබේ.

මධු සමයට ගිය අවස්ථාවේ හෝටලයේදී මනාලිය මනාලයාට නිදි පෙති මිශ්‍ර කිරි වීදුරුවක් ලබා දී ඔහුට නින්ද ගිය පසු ලිපියක් ලියා තබා තමන් යාළු වී සිටින තරුණයා සමග හෝටලයෙන් පිටව ගොස් තිබේ.

පසුදා දෙවනි මගුල සඳහා මනාල යුවළ කැඳවාගෙන යාමට පැමිණි මගුල් රථයේ මනාලයා පමණක් දුටු මනාල යුවළගේ මවුපියන් සිදු වී ඇති කාරණය අවබෝධ වී පිරිස ඉදිරියේ ලැජ්ජාවට පත්වීමට නොහැකිව හිමිහිට මගුල සංවිධානය කර තිබූ හෝටලයෙන් මාරු වී ගොස් තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *