BREAKING NEWS
Search

ක්‍රිකට් දුෂණ සම්බන්ධයෙන් තිදෙනෙකුට දඬුවම්

123

බුඩාබි T10 ලීග් තරගාවලියේ දී දුෂණ සිදුකළ බවට චෝදනා එල්ලවූ තිදෙනෙක් ට දඬුවම් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබේ.

ඒ 2021 තරගාවලියේ දී සිදුකළ බවට සැක කෙරෙන දූෂණ හේතුවෙනි.

එහිදී වැරදිකරුවන් වී ඇත්තේ පූනේ ඩෙවිල්ස් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු වූ අෂාර් සයිඩි, සහ එම කණ්ඩායමේ හිමිකරුවන් වූ පරාග් සන්ගාවී සහ ක්‍රිෂාන් චවුද්රි යන තිදෙනා ය.

ඔවුන් සිය වැරදි පිළිගත් බව ICC නිවේදනයෙහි දැක්වෙයි.

ඒ අනුව සයිඩි ට වසර 5ක ක්‍රිකට් තහනමක් පනවා ඇති අතර අනෙක් දෙදෙනාට වසර දෙක බැගින් ක්‍රිකට් තහනම් කර තිබුණි.

නමු එම දඬුවම් වලට අදාළ අවසන් වසරේ දඬුවම අත්හිටුවා තිබේ.

දඬුවම 2023 සැප්තැම්බර් 19 වනදා සිට ක්‍රියාත්මක බව ICCය නිවේදනය කළේය. ඒ අනුව පරාග් සන්ගාවී සහ ක්‍රිෂාන් චවුද්රි ට 2024 සැප්තැම්බර් 19 වනදා සිටද සයිඩි ට 2027 සැප්තැම්බර් 19 වනදා සිටද ක්‍රිකට් ක්‍රීඩාව සමග සම්බන්ධ විය හැකිය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *