BREAKING NEWS
Search

හෙලිකොප්ටරයක් කඩා වැටී බිහිසුණු අනතුරක්

130

නේපාලයේ කත්මන්ඩු හි වයඹ දිග ප්‍රදේශයේ කඳුකරයේ හෙලිකොප්ටරයක් ​​කඩා වැටීමෙන් පුද්ගලයින් 05 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මියගිය පිරිස අතරට චීන ජාතිකයින් 04 දෙනෙක්ද ඇතුළත් බවයි විදෙස් මාධ්‍ය වාර්තාකර සිටින්නේ.

මෙම යානය කත්මන්ඩු සිට රසුවා බලා යමින් සිටියදීයි මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ.

හෙලිකොප්ටරය කත්මන්ඩු නුවරින් පිටත් වූයේ ඊයේ (07) පස්වරු 1.54ට බවයි වාර්තා වෙන්නේ.

අනතුර සිදු වූ වහාම ප්‍රභූ හෙලිකොප්ටරයක් අනතුරට ලක් වූ ස්ථානයට යවා ඇති අතර පිරිමි දෙදෙනෙකු, එක් කාන්තාවක් සහ ගුවන් නියමුවාගේ සිරුරු සොයාගෙන තිබෙනවා.

එක් සිරුරක් හඳුනාගත නොහැකි අයුරින් පිළිස්සී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාකර සිටින්නේ.

මෙම අනතුර සිදු වූයේ ජූලි 24 වන දින ත්‍රිභූවන් ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී සෞර්‍යා එයාර්ලයින්ස් ගුවන් යානය කඩා වැටීමෙන් සති කිහිපයකට පසුවයි.

එම අනතුරින් යානයේ සිටි 18 දෙනෙකුගේ ජීවිත අහිමි වූ අතර කපිතාන්වරයා දිවි ගලවා ගැනීමට සමත් වුණා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *