කල්පිටිය තොරයඩි කලපුවේ ගිල්වා තිබූ බවට සැකකෙරෙන රත්‍රං කිලෝ 4 ග්‍රෑම් 740ක ඇසුරුමක් නාවික හමුදාව භාරයට ගෙන තිබේ.
තවද එම රත්‍රං අඩංගු ඇසුරුම ප්‍රවාහනය කළ බවට සැක කෙරෙන ඩිංගි යාත්‍රාවක් ද තොරයඩි වෙරළ ප්‍රදේශයේ තිබියදී නාවික හමුදාව සිය භාරයට ගෙන ඇත.
වයඹ නාවික විධානයට ලද තොරතුරක් මත ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය මගින් පෙරේදා (06) සිදුකළ සෝදිසි මෙහෙයුමේදි මෙම රත්‍රං තොගය සොයාගෙන ඇතැයි ද සඳහන්.
නාවික හමුදා මෙහෙයුම් හමුවේ රැගෙන යාමට නොහැකිව ජාවාරම්කරුවන් විසින් මෙම රත්‍රං ඇසුරුම පසුව රැගෙන යාමේ අපේක්ෂාවෙන් මෙලෙස කලපුවේ ගිල්වා තබන්නට ඇතැයි නාවික හමුදාව සැක පළ කරයි.
මෙම රත්‍රං තොගය සම්බන්ධව ඉදිරි විමර්ශන පැවැත්වීම සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලයට භාරදීමට කටයුතු කර ඇතැයි ද සඳහන්.




















