BREAKING NEWS
Search

දෙකම එකම වෙඩික්කරුගෙන්… ගම්පහ ද්විත්ව වෙඩි තැබීමේ සුල මුල හෙළිවෙයි…

159

ගම්පහ, තම්මිට සහ ජාඇල මාකෙවිට ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ සිදු වූ වෙඩිතැබීම් වලට අදාලව තොරතුරු රැසක් මේ වන විට අනාවරණය වී තිබෙනවා.

මෙම වෙඩිතැබීම් දෙකම එකම වෙඩික්කරු විසින් සිදුකර ඇති බවට සැක කරන බවයි පොලීසිය සඳහන් පවසන්නේ.

ජා ඇල – මාකෙවිට ප්‍රදේශයේදී ඊයේ රාත්‍රී 7.40ට පමණ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් තවත් යතුරුපැදියකින් ගමන් කරමින් සිටි අයෙකුට වෙඩි තබා පළාගොස් තිබු අතර වෙඩි ප්‍රහාරයට ලක් වූ පුද්ගලයා පසුව රෝහල්ගත කෙරුණා.

අදාළ වෙඩි තැබීම සිදුකර පැය භාගයක කාලයක් ගතවීමට මත්තෙන් ඉන් කිලෝමීටර හතරක පමණ දුරකින් පිහිටි ගම්පහ තම්මිට ප්‍රදේශයෙන් තවත් වෙඩි තැබීමක් වාර්තා වුණා.

පොලීසිය පැවසුවේ, යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙනත් යතුරුපැදියක ගමන් කරමින් සිටි පුද්ගලයෙකු ඉලක්ක කර එම වෙඩිතැබීම සිදුකර ඇති බවයි.

එම වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා ඇත්තේ, 29 හැවිරිදි චමිල් අයන්ත නම් කඩවත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර පොලිසිය සැකකරන්නේ පෙර වෙඩි තැබීම සිදුකළ පුද්ගලයන් දෙදෙනා විසින්ම මෙම වෙඩි තැබීමද සිදුකළ බවට යි.

මෙම වෙඩි තැබීම් දෙක සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බළකාය ඇතුළු පොලිස් කණ්ඩායම් කිහිපයක් මගින් විමර්ශන සිදු කරනවා.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *