BREAKING NEWS
Search

මම සතියට එක දවසක් නෝනයි පුතයි එක්ක ගෙදර ඉන්නවා ඒ දවසට වෙන කිසිම වැඩක් දාගන්නේ නෑ – රොෂාන් පිලපිටිය

177

කලා ලෝකය තුළ බොහෝ දෙනෙක් ආදරේ කරන ආදරණීය රංගන ශිල්පියෙක් තමයි රොෂාන් පිලපිටිය කියන්නේ.රොෂාන් ගැන කතා කරද්දි මේ වන විට ඔහු ටෙලි නාට්‍ය තිරය තුළ විවිධ චරිත හරහා ප්‍රේක්ෂකයන් හමුවට එනවා.

පසුගිය කාල සීමාවේදී ඔහු විසින් රංගනයෙන් දායකත්වය දැක්වූ ටෙලි නිර්මාණ බොහොමයක් ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනාගත්තු නිර්මාණ බවට පත්වුණා.

කලා කටයුතුත් එක්ක ජීවිතය ගත කරන ඔහු මේ වෙද්දි ආදරණීය පුතෙකුගේ සහ ආදරණීය බිරිඳකගේ වගකීම් ඇරගෙන ජීවත් වෙන කෙනෙක්.රොෂාන්ගේ ජීවිතයට එළිය අරගෙන ආවේ ඔහුගේ ආදරණීය බිරිඳ රිද්මා පිළපිටිය.ඇය නිවසේ සියලුම වැඩ කටයුතු වල නිරත වෙමින් ආදරණීය පුතාවත් බලාගෙන රොෂාන්ගේ වැඩවලටත් උදව් වෙන බිරිඳක්.ඉතින් ඒ නිසාම ගෙදර අයත් එක්ක කාලය ගත කරන ආකාරය පිළිබඳව රොෂාන් වැඩිපුර හිතනවා.ඒ සම්බන්ධයෙන් ඔහු කියලා තිබ්බේ මේ වගේ කතාවක්.

“පුළුවන් සෑම වෙලාවකම පවුලේ අය එක්ක ඉන්නවා කොහොමටත් සතියේ එක දවසක් නෝනයි පුතයි එක ගත කරනවා.ඒ දවසට වෙන වැඩ මොනවත් නෑ.එදා දවස එක්කෝ අපි කොහේ හරි ඇවිදින්න යනවා නැත්නම් කෑමකට එළියට යනවා”

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *