BREAKING NEWS
Search

මුහුණු පොතට වශී වී ගිය අම්මා පාසැල් ඇරී ගෙදර එක්කගෙන එමින් සිටි පුතා බසයේ දමා බැහැලා ගිහිං.සිසුවාට සිදු වූ දේ මෙන්න

256
දැන් ඉන්න  අම්මලා නම් ඇත්තටම දරුවන් ගැන අවදානයෙන්ද ඉන්නේ කියන එකට් ප්‍රශ්නයක්..

ජංගම දුරකතනවලට ඇබ්බැහිවුණ අම්මලාගේ ලෝකේ දැන් වෙනකොට තියෙන්නේ දරුවන් ළඟ නෙවෙයි..

එයාලා ෆෝෂල් මීඩියාවලින් ඒ අයගේ ලෝකවල ජීවත් වෙනවා… මේත් ඒ වගේ අම්මා කෙනෙක් නිසා දරුවෙකුට වෙන්න ගිය කරදරයක් අනූ නවයෙන් බේරුණු පුවතක්… පාසල අවසන් වීමෙන් පස්සේ දරුවා ගන්න පාසල ළඟට ඇවිල්ලා තිබුණ මේ අම්මාගේ නම් හිත තිබුණේම මුහුණු පොතේ එක් ගිණුමක් ළඟයි..

අවසානයේ ඇගේ අහල පහළ හිටිය සියලු දෙනාටත් ඇගේ මේ හැසිරීම ප්‍රශ්නයක් වෙන තරමටම ඇය බස්‍ රථය තුළ වෙන ලෝකයක තනි වෙලා කිව්වොත් හරි.. මේ පුවත ඇසෙන්නේ මහනුවර ප්‍රදේශයෙන්..

මහනුවර නගරයේ සිට සවස් කාලයේ සිය ගමනාන්තය වෙත ළඟා වීම සඳහා අදාළ බස්රථය පිටත්ව තිබුණා..

පාසල් නිමාවන වේලාව නිසාම මෙම බස් රථයේ දරුවන් විශාල පිරිසක් සිටි අතර, සිද්ධියට මුහුණදුන් දරුවා හා මව අතරමගදී බසයට ගොඩවී ඇතත් ඔවුන්ට අසුන් ගැනීමට ලැබී ඇත්තේ ආසන දෙකකයි..

බසයේ අසුන්ගත් වෙලේ සිට මව සිය ජංගම දුරකථනය වෙත අවධානයෙන් සිට ඇති අතර වෙනත් අසුනක සිටි දරුවාට සිය අසුන මතම හොඳින් නින්ද ගොස් තිබුණා..

බස් රථයේ අසුන මත හොඳින් නිදාගෙන සිටින දරුවා තම නිවස පසුකර කිලෝමීටර් භාගයක පමණ දුරක් පැමිණි පසුව දරුවා පිළිබඳව අවධානය යොමු කළ බස් රථයේ රියැදුරු හා සහායක දෙපල දරුවා ඇහැරවා බසින ස්ථානය පිළිබඳව විමසන විට දරුවා එක්වරම අවදිවී බස් රථය පුරා ඔබ මොබ ඇවිද සිය මව බසයේ ඇතිදැයි විපරම් කරමින්..

පාසල නිමවීමෙන් පසුව තමා සමග බසයට ගොඩවූ මව බසය තුළ නොමැතිවීම නිසා බියට පත්වූ දරුවා පිළිබඳව අවධානය යොමු කළ බස් රථයේ සේවක දෙපල දරුවා ආරක්ෂිතව නැවතත් සිය මවට භාරදීමට අවශ්‍ය පියවර ගෙන තිබුනේ ඇයට හොඳටම දොස් පවරමින්..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *