BREAKING NEWS
Search

වාහන හතරක් ගැටී දෙදෙනෙක් රෝහලේ

121

මත්තේගොඩ නිවාස සංකීර්ණයේ බස් නැවතුම්පළ ආසන්නයේදී යතුරු පැදි දෙකක් මෝටර් රථයක හා  ත්‍රී රෝද රථයක  එකිනෙක ගැටී සිදුවූ අනතුරින් යතුරු පැදි දෙකෙහි  පැදිකරුවන් දෙදෙනා බරපතල තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ බව  මත්තගොඩ පොලිසිය පවසයි.

රෝහල්ගත කළ එක් පැදිකරුවකුගේ හිස ත්‍රීරෝද රථයේ ගැටී හිසට පාදයකට අතකට බරපතල තුවාල බව රෝහල් ආරංචි මාර්ග කියයි.

අද මත්තේගොඩ සිට කොට්ටාව දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයේ ත්‍රීරෝද රථයක් යතුරුපැදි දෙකක් හා මෝටර් රථයක් එම දෙසටම ධාවනය වී තිබේ.

එම අවස්ථාවේදී ඉදිරියෙන් ධාවනය වූ ත්‍රීරෝද රථය ප්‍රධාන මාර්ගයෙන් අතුරු මාර්ගයකට හැරවීමට යාමේදී පිටුපසින් පැමිණි මෝටර් රථය  ගිය යතුරු පැදිය තීරෝද රථයේ ගැටී අනතුර සිදුව තිබේ.

අනතුරින් ත්‍රිරෝද රථය සහ යතුරුපැදිය මාර්ගයේ පෙරළි අනතුර සිදුවන අවස්ථාවේදී පිටුපසින් පැමිණි මෝටර් රථය තිරිංග ක්‍රියාත්මක කරනවාත් සමඟම පිටුපසින් පැමිණි යතුරුපැදියක් මෝටර් රථයේ ගැටී තවත් අනතුරක් සිදුව තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *