BREAKING NEWS
Search

අද කාලගුණය වෙනස් වෙන්නේ මෙහෙමයි

145

කාලගුණ විද්‍යා දෙපර්තමේන්තුව විසින් අද (05) උදෑසන 05.30 නිකුත්කරන ලද කාලගුණ අනාවැකිය අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකිය.

එමෙන්ම වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති වෙයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ දක්වා තිබේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපර්තමේන්තුව වැඩිදුරටත් දන්වා තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *