BREAKING NEWS
Search

ඔක්කොම ප්‍රශ්න එයාගේ කරපිට දානවා කියලා තමා එයා කියුවේ ඇවිල්ලා- සියදිවි නසා ගත් පොලිස් නිලධාරියාගේ බිරිඳ කළ හෙළිදරව්ව 

240

ඉඟිනියාගල සහ නාමල්ඔය ප්‍රදේශ වල සිදුකළ ත්‍රිත්ව ඝාතන සම්බන්ධව මේ වන විට තොරතුරු රැසක් හෙළිව තිබේ.

එම වෙඩි තැබීම් හේතුවෙන් පොලිස් නිලධාරියෙක් සහ කාන්තාවක් සහ පාසල් යන වයසේ සිටි දියණියක් ජීවිතක්ෂයට පත්වුණි.

එම වෙඩි තැබීම් සිදුකල පොලිස් නිලධාරියා පසුව සියදිවි නසාගෙන තිබුණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් සියදිවි නසාගත් පොලිස් නිලධාරියාගේ බිරිඳ පවසන්නේ පොලීසියේ ඇති ප්‍රශ්න සිය සැමියාගේ කරපිටින් යවන බවක් තමාට ඔහු පැවසූ බවයි.

“පහුගිය දවස් ටිකේම කතා කළේ නෑ මොකවත්. කන්න දුන්නත් කන්නෙත් නෑ බාගයක් කාලා ඔය ඇති කියලා තියනවා. පොලීසියේ ඔක්කොම ප්‍රශ්න එයාගේ කරපිට දානවා කියලා තමා එයා කියුවේ ඇවිල්ලා.

 

කෙසේ නමුත් මේ සම්බන්ධව අදහස් දක්වමින් වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර පැවසුවේ ඝාතනයට ලක්වූ 54 හැවිරිදි කාන්තාව සහ ඝාතනය සිදුකළ පොලිස් නිලධාරියා අතර ඉඩම් ආරවුලක් පැවැති බවයි.

“අනේ එයාට එහෙම ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. කෙටුවා ඔය කෑල්ල. ඊට පස්සේ එයාලා කියුවා ඒක නතර කරන්න එයාලට අයිති කෑල්ලක් කියලා. ඒ කරලා මම කියුවා ඒක අපිට නෑ දැන් ඒක අයිති අම්මලාට කියලා. ඒ කරලා අම්මලත් එක්ක බලාගන්න කියලා තමයි මෙයා කියුවේ. ඒක අපි අතහැරලාම හිටියේ…”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *