BREAKING NEWS
Search

දින 45ක් වයසැති බිළිඳෙකුට වධ දී ඝාතනය කල නමට මව

653

යාපනයේ – අලවෙට්ටි ප්‍රදේශයේදී මවක් විසින් දින 45 ක් වයසැති සිය බිළිදා ඝාතනය කර තිබෙනවා.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ නෙසවුසාලෙයි පාර, මුගෙට්ටි ප්‍රදේශයේ පදිංචි බිළිදෙක්.

මරණ පරීක්ෂණයෙන් හෙළි වී ඇත්තේ මෙම දරුවාට වධ දී ඝාතනය කර ඇති බවයි.

දරුවාගේ අත පය කැඩී ඇති බවත් දරුවාගේ හිසට සහ කනට විශාල ලෙස තුවාල සිදු වී ඇති බවත් මරණ පරීක්ෂණයෙන් හෙළි වී ඇති අතර හිසට සිදුවූ තුවාල හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවයි එම වාර්තාවේ සඳහන් වන්නේ.

මෙම බිළිදාව සිය මව විසින් රෝහලට ඇතුළත් කර ඇත්තේ දරුවාට හදිසි රෝගී තත්වයක් මතු වූ බව පවසමින්.

කෙසේ වෙතත් දරුවා රෝහලට රැගෙන එන අවස්ථාව වන විටත් මිය ගොස් සිටි බවයි වෛද්‍යවරුන් සඳහන් කළේ.

පසුව සිදු කරන ලද පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ මව විසින් දරුවා ඝාතනය කර ඇති බවයි.

ඒ අනුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් 33 හැවිරිදි දරුවාගේ මව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *