BREAKING NEWS
Search

කොළඹ මහනගර සභාවට පොලු තැබූ සමාගම

107

කොළඹ නගරයේ රථ වාහන ගාල් කිරීම සඳහා ස්වයංක්‍රීය පද්ධතියක් හරහා මුදල් එකතු කළ සමාගම මඟින් රුපියල් මිලියන 90 ක මුදලක් කොළඹ මහනගර සභාවට ගෙවා නොමැති බව වාර්තා වෙයි.

එහි රථවාහන අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මංජුල කුලරත්න මහතා පැවසුවේ මේ හේතුවෙන් එම කොන්ත්‍රරාත්තුව අත්හිටුවා මේ සම්බන්ධව නීතිමය පියවර ගෙන ඇති බවය.

එමෙන්ම මෙම ව්‍යාපෘතියේ පවතින අඩුපාඩු හේතුවෙන් ඉදිරි වසර ඇතුළත නව විද්‍යුත් ක්‍රමවේදයක් හඳුන්වා දීමට බලාපොරොත්තු වන බවත් ඔහු පැවසීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *