BREAKING NEWS
Search

දරුවා හප්පා යන රියදුරු පසුපස හබා ගිය පියා විදුලි කණුවක හප්පා ඝාතනය කළ රියදුරු අල්ලයි

595

බලංගොඩ ප්‍රදේශයේ දී පුද්ගලයෙකු විදුලි කණුවක ගැටීමට සලස්වා ඝාතනය කිරීමේ චෝදනාව එල්ල වු රියදුරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය පැවසුවේ සැකකරු අදාළ ලොරි රථයද සමඟ බලංගොඩ පොලිස් ස්ථානයට පැමිණ භාරවූ බවයි.

පසුගියදා බලංගොඩ බස් නැවතුම්පොළ අසලදී යතුරුපැදියක් අනතුරට ලක්කර පළා යාමට උත්සාහ දැරූ ලොරි රථයක් නවතා ගැනීමට අදාළ යතුරුපැදිකරු තැත් කර තිබුණි.

යතුරුපැදිකරු ලොරිරථයේ එල්ලී එය නවතා ගැනීමට උත්සාහ දැරුවද ලොරි රථය නොනවත්නා ධාවනය කර ඇති අතර පසුව බලංගොඩ කහටපිටිය ප්‍රදේශයේදී  ලොරි රථයේ රියදුරු විසින් රථය විදුලි කණුවක ගැටීමට සලස්වා පළා ගොස් තිබුණි.

එහිදී යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පැවසුවේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *