BREAKING NEWS
Search

අම්මේ, මං මාලුවෙක් අරන් එන්නම් – කියාගෙන ගෙදරින් එළියට බැහැලා, යළි නේන ගමන් ගිය සෙව්මිණ

457

සෙව්මිණ දිනුෂ්ක… වයස අවුරුදු 17ක මේ කොලු ගැටයා පහුගිය දවසක (28) අවසන් ගමන් යන්නේ, දියවළක ගිලිලා.

ඒ, අවිස්සාවේල්ල නුගදණ්ඩ තට්ටුගල නාච්චිමල ඇළේ ගෝනවල ප්‍රදේශයේදී.

හොරණ විද්‍යාරත්න විද්‍යාලයේ දොළොස්වන වසරේ ඉගෙනුම ලැබූ සෙව්මිණ, කහතුඩුව, පොල්ගස්ඕවිට පාලගම පදිංචිකරුවෙක්.

ඔහු විද්‍යාලීය වොලිබෝල් කණ්ඩායමේ පන්දු ඔසවන්නා ලෙස කටයුතු කළ දක්ෂ ක්‍රීඩකයෙක් ද වෙනවා.

සෙව්මිණ යළි නේන ගමනක් යන්න ගෙදරින් එළියට බැහැලා තියෙන්නෙ “අම්මේ, මං මාලුවෙක් අරන් එන්නම්” කියාගෙන.

එහෙම ඔහු දිය නෑමට පිටත්ව ගොස් තිබුණෙ කැබ් රථයකින්, දහ දෙනෙක්ගෙන් යුක්ත පිරිසක් එක්ක.

අවසන සෙව්මිණ සහ තවත් සිසුවෙක් එක්වර ම දියවළට පැන දෙදෙනාම දියේ ගිලී නොපෙනී ගිය බවකි, පොලිස් විමර්ශනවලදී අනාවරණයව තිබුණෙ.

එතැන සිටි අනෙක් පිරිස උදව් ඉල්ලා කළ කෑගැසීමේදී ගම්වාසීන් විත් එක් අයෙකුව සැනෙකින් ගොඩට ගත්ත ද අනෙක් සිසුවා ගොඩට ගැනීමේදීත් මිය ගිහින් !

ඒ තමයි සෙව්මිණ…

හිටිහැටියේ ම අහන්න ලැබුණු මේ අවාසනාවන්ත ආරංචියෙන්, සෙව්මිණට ආදරේ කළ මිතුරු මිතුරියන් මහත් කම්පනයකට පත්වෙලා කිව්වොත් හරි.

එයාකාරයෙන් සංවේගයට පත් ආදරණීයන් ඔහු වෙනුවෙන් තබන ලද සටහන් කිහිපයකින්ම සමාජ මාධ්‍ය පිරිලා….

”මට මුළු අතීතෙම මතක් වුණා බං

අම්මා මට කියද්දි මට හිතාගන්න බැරි වුණා බං,

එක බත් මුල එකට කාලා ඉඳපු උඹ අද ගොඩක් දුර ගිහිල්ලා.

RIP සෙව්මිණ, ඉන්න තැනක හොඳින් ජීවත් වෙයන්,

නිවන් සුව උඹට…”

(උපුටා ගැනීමකි)




Leave a Reply

Your email address will not be published. Required fields are marked *