කෝටිපති ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඝාතනයේ මහමොළකරුවන් ලෙස සැලකෙන පාතාල නායක කංජිපානි ඉම්රාන් සහ පාතාල සාමාජික ලොකු පැටී නැමැත්තා අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.
කංජිපානි ඉම්රාන් නැමැත්තා බෙලරූස් හිදී සහ ලොකු පැටී නැමැත්තා ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන ඇති බව ද එම ආරංචි මාර්ග පවසයි.
සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඝාතනය පාතාල නායක කංජිපානි ඉම්රාන් විසින් සැලසුම් කර තිබූ අතර එය පාතාල සාමාජික ලොකු පැටී විසින් ඩුබායි හි සිට මෙහෙයවා ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබුණි.
ප්‍රංශයේ සැගව සිටි කංජිපානි ඉම්රාන් බෙලරූස් රාජ්‍යයට පලායාමට උත්සාහ කර ඇති අතර ප්‍රංශ දේශසීමාවේදී අත්අඩංගුවට ගෙන ඇති බව ආරංචි මාර්ග සදහන් කරයි.
පාතාල නායක කංජිපානි ඉම්රාන් විසින් ක්ලබ් වසන්ත නැමැත්තා ඝාතනය කිරීම සදහා රුපියල් කෝටියකට වැඩිය මුදල් වියදම් කර ඇති බව ද බුද්ධි අංශ තොරතුරු පවසයි.
Source : ලංකාදීප
ක්ලබ් වසන්ත ඝාතනයේ ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන සුජීව රුවන් කුමාර නොහොත් ලොකු පැටී නැමැත්තා බෙලරූස්හී දි ආරක්ෂක අංශ අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ.
අප කළ විමසීමක දී මෙරට ආරක්ෂක අංශ නිලධාරියෙක් ඒ බව නිල වශයෙන් තහවුරු කළේය.
Source adaderana

















