BREAKING NEWS
Search

ඇයට සිදු වුයේ කුමක්ද? සැමියාගෙන් පහර කෑ 18 හැවිරිදි බිරිඳ මරුට ?

446

18 හැවිරිදි විවාහක තරුණියකගේ සැකසහිත මරණයක් හේතුවෙන් පඬුවස්නුවර කිරිමැටියාව කෙලිනාවල ප්‍රදේශයේ අද (31) නොසන්සුන් තත්ත්වයක් ඇතිවී තිබුණි.

ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ තරුණියගේ සැමියා කළ පහරදීමකින් ඇය මියගොස් ඇති අතර පොලීසිය සැකකාර සැමියා මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවය.

කිරිමැටියාව කෙලිනාවල පදිංචිව සිටි 18 හැවිරිදි සෙනුරි ප්‍රේමතිලක මියගොස් තිබුණේ මීට දින කිහිපයකට පෙරාතුවය.

සෙනුරිගේ සැමියා කළ පහරදීමක් ඇයගේ මරණයට හේතුවී ඇති බවට සෙනුරිගේ ඥාතීන් චෝදනා කරයි.

ඒ අනුව සෙනුරිගේ ඥාතීන් හා ප්‍රදේශවාසීන් කිරිමැටියාව උණලීය මාර්ගයේ දී අද පස්වරුවේ විරෝධතාවයක නිරත වුණේ මරණයට සැකකාර සෙනුරිගේ සැමියා අත්අඩංගුවට ගන්නා ලෙස පොලීසියට බලකරමිනි.

ඔවුන් මෘත දේහය ද මහමඟට රැගෙන විත් විරෝධය දැක්වීය.

ඥාතීන් පවසන්නේ, මියගිය සෙනුරිගේ සැමියාගේ පියා සෙනුරිගේ මවට පහරදීමක් සිදුකර ඇති බවය.

පහර කෑමට ලක්වූ පාර්ශ්වය ඒ පිළිබඳ කටුපොත පොලීසියට පැමිණිල්ලක් කර ඇති බවත් එම පැමිණිල්ල ඉල්ලා අස් කරගන්නා ලෙස බලකරමින් සෙනුරිගේ සැමියා ඇයට පහරදී ඇති බවටත් ඇයගේ ඥාතීන් චෝදනා කරයි.

Source: adaderana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *