BREAKING NEWS
Search

මේ දවස් වල බුකිය රත්කරන අභිලාශි සහ අකිල ධනුද්දරගේ වීඩියෝව ගැන අභිලාශි කට අරි. සම්බන්ධය ගැනත් හෙළි කරයි

1501

සෝමරත්න දිසානායකයන්ගේ සිංහබාහු හරහා ලාංකීය සිනමාවට පිවිසෙන අභිලාෂි සංතුෂ්කි මේ දිනවල බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගත් යොවුන් රංගන ශිල්පිණියකි. සිංහබාහු චිත්‍රපටයේ ඇය සුප්පා කුමරියගේ චරිතයට පණ පොවන අතර, එය ඇයගේ කුළුඳුල් රංගනයද වීම විශේෂත්වයකි. 

පසු ගිය දිනවල අකිලගේ සහ අභිලාශිගේ වීඩියෝවක් සමාජ මාධ්‍ය උණුසුම් කරන්න සමත් වුණා. ඒ සම්බන්ධයෙන් ඈ මෙසේ අදහස් දක්වා තිබෙනවා.

ඇත්තටම ඒක එන්න තියෙන ෆොටෝ ශුට් එකක් සිංහ බාහු චිත්‍රපටය හා සම්බන්ධ. අකිල අයියා මට වඩා ගොඩක් වැඩිමල්. අකිල අයියා ඇත්තටම මට අයියා කෙනෙක් වගේ. එයත් මට සලකන්නේ එයාගෙම නංගි කෙනෙක් වගේ. එයාගේ පවුලේ ඔක්කොම මට හරි ආදරෙයි. එමි අක්කා, මාධවී අක්කා එහෙම. හැබැයි කාටවත් මොකුත් කියලා වැඩක් නෑ. ඒ ගොල්ලෝ දකින්නේ එතන ඉන්නේ ගැනු කෙනෙකුයි පිරිමි කෙනෙකුයි කියලා. එතනින් එහාට මිනිස්සු හිතන්නේ නා. මම ඒ උනාට හැමෝටම ආදරෙයි. මට නෙගටිව් දේකට ආවේ ඒක. මන් දන්නවනේ මන් ගැන. ඒක නිසා මට අදාළ නෑ ඒක.

අභිලාෂි මොන වගේ කෙනෙක්ද?

මම ඇත්තටම අහිංසක කෙනෙක් නෙමෙයි. එහෙම කියලා නපුරුයි කියලත් කියන්නත් බැහැ. දෙක එක හා සමානව මට තියෙනවා. තැනට අනුව තමයි ඉතින් මම කවුද කියලා තිරණය වෙන්නේ. පුංචි කාලේ නම් ගොඩක් දඟයි. ඒ වගේම චාම් කෙනෙක්. පැරණි දේවල්වලට ලොකු ප්‍රියතාවයක් දක්වන කෙනෙක්.

රංගන ශිල්පිණියක් නොවුණා නම් අභිලාෂි කවුරු වෙයිද?

මනෝ වෛද්‍යවරියක් වෙනවා. දැනටමත් මම ඒ සම්බන්ධව ඉගෙනිම් කටයුතු කරමින් ඉන්නවා. හැබැයි රංගන ශිල්පිණියක් වෙන හීනේ මට පාසල් අධ්‍යාපනය ලබන කාලයේ ඉඳලාම තිබුණා. පොඩි කාලේ නම් මගේ හිතේ හිනේ ගොඩක් තිබ්බා ලොකු වුණාම වෙන්න. විශේෂයෙන්ම වෛද්‍යවරියක්, නිතීඥවරියක් වගේ වෙන්නත්. හැබැයි රංගනය ගැන මගේ හිතට ආවේ මම දහවැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන කොට.

රඟපානවට අමතරව අභිලාෂි තව මොනටද දක්ෂ?

ගොඩක් දේවල්වලට මම දක්ෂයි. මට ගීත ගයන්න කරන්න වගේම හොඳට නටන්නත් පුළුවන්. ක්‍රීඩාව පැත්තෙන් වුණත් මම පාසල් කාලේ ගොඩක් දක්ෂතා දක්වලා තියෙනවා. විශේෂයෙන්ම පිහිනුම්, වොලිබෝල්, නේට්බෝල්, මලල ක්‍රීඩා මේ හැම ක්‍රීඩා ඉසව්වකටම මම සහභාගි වෙලා ජයග්‍රහණ අත් කරගෙන තියෙනවා.

අභිලාෂිට තියෙනවා දෙපාරක් හැරිලා බලන්න පුළුවන් ලස්සන පෙනුමක්?

ගොඩක් අය කියනවා මගේ තොල් පෙති ලස්සනයි කියලා. මගේ තොල් පෙතිවල පිහිටිම ටිකක් වෙනස් අනෙක් අයට සාපේක්ෂව. ඒ නිසා හැමෝටම මගේ තොල් පෙති වල වෙනස කැපිලා පේනවා. ගොඩක් අය මගෙන් අහන දෙයක් තමයි මම තොල් පෙති ලස්සන කරන්න ප්ලාස්ටික් සැත්කමක්වත් කරලා තියෙනවාද කියලා. මම නැහැ කිව්වාම ගොඩක් අය ඒක විශ්වාස කරන්නේ නැහැ. ඇත්තටම මේ තොල් පෙති මට ස්භාවිකම මගේ අම්මාගේ තාත්තාගේ ඡානවලින් ලැබුණ දෙයක්. තව මගේ යාළුවෝ එහෙම මගේ කැරළි කොණ්ඩේට වගේම ඇස් දෙකත් ලස්සනයි කියලා කියනවා. ඔව් ඉතින් එක පාරක් නෙමෙයි දෙපාරකටත් වඩා හැරිලා බලන්න පුළුවන් ලස්සන පෙනුමක් මට තියෙනවා.

විලාසිතාවලට අභිලාෂිගේ තියෙන කැමැත්ත මොන වගේද?

විලාසිතාවලට මම ගොඩක් කැමති කෙනෙක්. ගොඩක් වෙලාවට ඉතින් මම එකතු කරන්නේ ඇඳුම්, සපත්තු සෙරෙප්පු ජුවලරි වගේ දේවල්. ඒවා තමා මගේ ඉතින් විලාසිතා. ඇත්තටම මම විලාසිතා විදිහට ඇඳුම් විතරක් කරන්නේ නැහැ. කරන විලාසිතා අඳින ඇඳුමේ ඉඳලා කොණ්ඩේට දාන විලාසිතාව වෙනකම් මගේ තියෙනවා. ඒ ඇඳුමට පළඳින ආභාරණ, දාන සපත්තු සෙරෙප්පු මේ හැම දෙයක්ම එකිනෙකට ගැළපෙන විදිහට තමයි මම විලාසිතා කරනවා. ගොඩක්ම මම හිතන දෙයක් තමයි විලාසිතා කරන කොට ඒක තැනට අනුව කරන්න ඕනා කියලා.

විවේකයක් ලැබුණාම මොනවද කරන්නේ?

එක දෙයක් කියලා කරන්නෙත් නැහැ. හැබැයි විවේකයක් ලැබුණාම මම ගොඩක් වෙලාවට කරන දෙයක් තමයි හොඳට නිදාගන්න ඒක. මම ගොඩක් මහන්සි වෙලා වැඩ කරන කෙනෙක්. ඉතින් නින්ද කියන දේ ගොඩක් මට අත්‍යවශ්‍ය දෙයක්. තව විවේකයක් ලැබුණාම ඇඳුම් ගන්න යනවා. මගේ පවුලේ අයත් එක්ක වැඩිපුර කාලය ගෙවනවා. පොත් පත් කියනවා. හේතුව තමයි මට ගොඩක් දැනුම අවශ්‍යයි.

බුද්ධික සේනාධීර

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *