BREAKING NEWS
Search

13 හැවිරිදි දැරිය ගැබිනියක් කළ ඥාති සහෝදරයා

340

මිත්තණිය ළඟ හැදීවැඩුණු 13 හැවිරිදි දැරියක් සිය මාමාගේ පුත්‍රයා විසින් ගැබිනියක් බවට පත් කළ පුවතක් අඟුරුවාතොට, වෙනිවැල්පිටිය ප්‍රදේශයෙන් වාර්තා වේ.

දෙමාපියන් නොමැතිව සිය මිත්තණිය සමීපයේ හැදී වැඩුණු එම දැරිය සිය මාමාගේ පුත්‍රයා අතින් අපයෝජනයට ලක්වී ඇති අතර මේවන විට ඇය මාස එකහමාරක ගැබිනියක් බවට පත්ව ඇති බව අඟුරුවාතොට පොලීසිය පවසයි.

දැරිය ජීවත් වූ නිවෙසේම ඇයගේ මාමාගේ පුත්‍රයා වූ 18 හැවිරිදි තරුණයා විසින් කිහිපවරක් මෙම දැරියව අපයෝජනයට ලක් කර ඇතැයි පොලිස් විමර්ශනවලදී හෙළිදරව් වී තිබේ.

අඟුරුවාතොට පොලීසිය විසින් දැරිවියගේ අනාරක්ෂිතභාවය පිළිබඳ ඇයගේ මිත්තණිය කිහිපවරක් දැනුවත් කර ඇති නමුත් මිත්තණියගේ නොසැලකිලිමත්භාවය හේතුවෙන් දැරියට මෙම ඉරණමට මුහුණපාන්නට සිදු වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට 18 හැවිරිදි තරුණයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර අද (31) හොරණ මහෙස්ත්‍රාත්‍ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

දැරිය අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කිරීම සඳහා හොරණ මූලික රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් අඟුරුවාතොට පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකෙරේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *