BREAKING NEWS
Search

ප්‍රසිද්ධ ගායන ශිල්පියෙකුගේ පුතු අත්අඩංගුවට – සැකකරු පොලිසියේ යකා නටයි

334

බීමත්ව රිය පැදවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රසිද්ධ බයිලා ගායනශිල්පියෙකුගේ පුතෙක් බේරා ගැනීමට බීමත්ව පොලිසියේ ලී බැරියර් කඩා දමමින් පිස්සු නැටූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පානදුර දකුණ පොලිසිය පවසනවා.

පානදුර පොලිස් අධිකාරි කාර්යාලයේ මෙහෙයවීමෙන් පෙරේදා සිදු කළ මෙහෙයුමකදී සාදයකට සහභාගිවී මෝටර් රථයකින් ගමන් කරමින් සිටි ප්‍රසිද්ධ බයිලා ගායන ශිල්පියාගේ පුතු අත්අඩංගුවට පත්වූවා.

ඔහු සමග පැමිණි පුද්ගලයෙකු, සිර මැදිරියේ රදවා සිටී බීමත් රියදුරු මිතුරා බේරා ගැනීමට ඒ අසල තිබූ ලී බාධකයක් ද කඩදමා උත්සහ කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

එහිදී පොලිස් නිළධාරීන් සැකකරු මෙල්ල කර භාරයට ගෙන වෛද්‍යවරයෙකු හමුවට පමුණුවා සිදු කල පරීක්ෂාවේදී ඔහුද මත්පැන් පානය කර සිටි බවට තහවුරු වූ බව පොලිසිය සදහන් කරයි.

ප්‍රසිද්ධ බයිලා ගායනශිල්පියාගේ පුත්‍රයා බීමත්ව රිය පැදවීම යටතේ එක් චෝදනාවකටද, ඔහු බේරා ගැනීමට පොලිසියේ යකා නැටූ සැකකරු සාපරාධි බලහත්කාරය, බීමත්ව ප්‍රසිද්ධ ස්ථානයක අශෝභන ලෙස හැසිරීම සහ අනර්ථයක් සිදු කිරීම යන චෝදනා තුනක් යටතේ පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති බව‍යි වැඩිදුරටත් වාර්තා වෙන්නේ




Leave a Reply

Your email address will not be published. Required fields are marked *