BREAKING NEWS
Search

ළදරු වාට්ටුවේ වහලය කඩා වැටෙයි

113

මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ නව මහල් ගොඩනැගිල්ලක ඉදිකිරීම් කටයුතු කරන අතරතුර සිදුවු අනතුරක් හේතුවෙන් ළදරුවන් හා මව්වරු කිහිපදෙනෙක් වාට්ටුවකින් ඉවත්කර තිබේ.

අප වාර්තාකරු පැවසුවේ, නව මහල් ගොඩනැගිල්ලට යන්ත්‍රයක් මඟින් කොන්ක්‍රීට් යෙදීමට යාමේදී ඉදිකිරීම් ගොඩනැගිල්ලට යාබඳව පිහිටි ළදරු වාට්ටුවේ වහලය මතට මිශ්‍ර කරන ලද කොන්ක්‍රීට් තට්ටුවක් කඩා වැටීමෙන් ළදරු වාට්ටුවේ වහලය බිඳී ගොස් ඇති බවය.

එම අවස්ථාවේ වාට්ටුවේ සිටි ළදරුවන් සහ මව්වරුන් කිහිපදෙනෙකු මතට එම කොන්ක්‍රීට් කඩා වැටී අනතුර සිදුව ඇත.

අද (30) අද පෙරවරු කාලයේ සිදුවූ මෙම අනතුර හේතුවෙන් මව්වරුන් තිදෙනෙකු සහ ළදරුවන් තිදෙනෙකු පරීක්ෂණ කටයුතු සඳහා අදාළ අංශ වෙත යොමු කර තිබේ.

අනතුර හේතුවෙන් වාට්ටුවේ සිටි සියලූම ළදරුවන් සහ මව්වරුන් දැනට ඉවත් කර ඇති අතර, ඔවුන් ආරක්ෂිත ස්ථානවලට යොමු කර ඇත.

ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු සිදුකරනු ලබන්නේ කිසිදු ආරක්ෂක ක්‍රමවේදයකින් තොරව බව පෙනී යන බව එහි ගිය අප වාර්තාකරු පැවසීය.

මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂකවරියයෙන් අප කළ විමසීමකදී ඇය සඳහන් කළේ, කිසිදු අයෙකුට අනතුරක් සිදුවී නොමැති බවය.

එහෙත් අනතුරින් බෙල්ලට යම් අනතුරක් සිදුවු කාන්තාවක් අපට හමුවු අතර ඇය පවසා සිටියේ, “එකපාරටම සද්දයක් ආවා. මිස්ලා කෑගහගෙන ආවා. එකපාරම මම හැරිලා බලද්දි සිමෙන්ති ආවා. මම නැඟිටලා බබාව කවර් කරගත්තා. ඊට පස්සේ මිස් කෙනෙක් මාවයි ළමයයි අරගෙන එළියට ගියා. බෙල්ල චුට්ටක් රිදෙනවා.” යනුවෙනි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *