BREAKING NEWS
Search

මහමග අතහැර ගිය බලු පැටව් බෑග් එකේම දාගෙන ගෙදර අරන් ගිය ගත වගේම හිත ලස්සන පියුමි හංසමාලි

182

ඇය සුරූපී බවෙන් ඉතාමත් ඉහලින් ඉන්න ලංකාවේ ජනප්‍රියතම තරුවක්.

පසුගිය දිනවල බොහෝ සෙයින් කතාබහට ලක්වුණ ඇය මේ දිනවල හරි අපූරූ අපූරූ ෆේස්බුක් සටහන් තබනවා.

කැලණි පාලම උඩ උන්නු බලු පැටව් දෙන්නෙක්ව, පියුමි එයාගේ බෑග් එකේම දාගෙන ගෙදර අරන් ගිහින්.

කිසිත් නොදත් අහිංසකයින් පාරක අතෑරලා යන කාටත් ඇය මේ දෙන ආදර්ශය නම්, සුළුපටු එකක් නෙවෙයි…

”මෙයාලා දෙන්නා හිටියෙ කැලණි පාලම උඩ. අනේ කවුද දාලා ගිහින් දෙවියනේ.

මම දැක්ක ගමන් අරන් දාගාත්තා jeep එකට. එතන හිටියා නම් ඇලට ⁣වැටෙනවා. එක්කෝ වාහනෙකට යට වෙනවා.

මම හොරෙන් බෑග් එකේ දාගෙන apartment එකට අරන් යන්න ලෑස්ති වුණේ.

මාත්තයා බැන්නා පිස්සුද අම්මලාගෙ ගෙදර තියලා, පස්සෙ එයාලට ගෙදරක් හොයමු කියලා.

මම මෙහෙම පුංචි බලු ළමයි ඉන්නවා දැක්කොත්.. මම දාලා නම් එන්නෙ නෑ. මම උස්සන් එනවා.

ඇවිල්ලා කන්න බොන්න දීලා. post එකක් දානවා කැමති අය ඇවිල්ලා අරන් යන්න කියලා.

මෙයාලා දැනට මගෙ අම්මගෙ ගෙදර ඉන්නවා.

ඒත් අම්මා එක්ක බෑ සත්තු හදන්න. අනේ හදන්න පුලුවන් කෙනෙක් ඉන්නවා නම් මට කමෙන්ට් එකක් දාන්න.

මම එයාලට බෙහෙත්වලට කන්න බොන්න හැම මාසෙම ඒ වියදම දෙන්නම්.

හැබැයි කූඩුවල දාන්න බෑ. ගෙදර ඇතුළෙ දරුවො වගේ ආදරෙන් හදන්න පුලුවන් නම් ගන්න නැත්තන් පවු.

එයාලත් ආසයි අපි වගේම අපිත් එක්කම එකට ඉන්න.

පුංචි ඉල්ලීමක් අනේ මෙහෙම පාරට දාන්න එපා.

මේ බලු ළමයිට අම්මත් නෑ කුක්කු බොන්න.

ඒ අම්මා දැන් කොච්චර දුක ඇතිද එයාගෙ දරුවො දෙන්නා ළඟ නෑ.

මේ වගේ පවුකාර වැඩ කරන්න එපා”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *