BREAKING NEWS
Search

අතවර සිද්ධිය පැමිණිලි කිරීමට පොලිසි ආ දැරියට පොලිසියේදීත් අතවරයක් – සැකකාර SI අත්අඩංගුවට

146

තරුණයකුගේ අතවරයට ලක්වූ බව කියන 14 හැවිරිදි දැරියක එම සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට කුලියාපිටිය කඳානගෙදර පොලිසියට පැමිණි අවස්ථාවේ එහි උප පොලිස් පරීක්ෂකවරයකු ද පොලිසිය තුළදීම දැරියට අතවර කිරීම පිළිබඳව උප පොලිස් පරීක්ෂකවරයා ඒ මොහොතේම අත්අඩංගුවට ගෙන ඇත.

මෙම දැරිය පැහැරගෙන ගිය තරුණයාට එරෙහිව පැමිණිලි කිරීම සඳහා ඇය තම මවත් සමග කඳානේගෙදර පොලිසියට ඉකුත් 27 දා පැමිණ තිබේ.

එදින කුලියාපිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා අර්ධ වාර්ෂික පරීක්ෂණය සඳහා කඳානගෙදර පොලිසියට පැමිණ ඇත.

එම අවස්ථාවේ මෙම දැරියගේ කටඋත්තරය සටහන් කරමින් සිටි පොලිස් කාන්තාවක් දැරිය එහි නතර කර විනාඩියකට දෙකකට වෙනත් අංශයකට ගිය අවස්ථාවේ සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා දැරියට අතවරයක් සිදුකර ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.

මෙම සිද්ධිය සැළ වූ විගස ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු එහි පැමිණ සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා සිරමැදිරියට දමා ඇති අතර උප පොලිස් පරීක්ෂකවරයාගේ සේවය ද තහනම් කර ඇත.

නෝමන් පලිහවඩන




Leave a Reply

Your email address will not be published. Required fields are marked *