BREAKING NEWS
Search

දුරකථන සමාගමක සේවකයන් බව හගවමින් නායක හාමුරුවන්ගේ බැංකු ගිණුමේ සල්ලි වලට විදලා

104

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

දුරකථන සමාගමක සේවකයන් බව හගවමින් බදුල්ලේ පිරිවෙන් විහාරස්ථානයකට පැමිණි තරුණයන් දෙදෙනෙක් නායක හාමුරුවන්ගේ ජංගම දුකරථනයේ සිම් පත සොරකම් කරගෙන ගොස් එම සිම්පත උපයෝගි කර නායක හාමුදුරුවන්ගේ බැංකු ගිණුමෙන් රුපියල් ලක්ෂ හයහමාරක මුදලක් වංචනික ලෙස ලබාගෙන ඇතැයි බදුල්ල පොලිසිය පවසයි.

එම නාහිමියන් පොලිසියට කරලද පැමිණිල්ලේ සඳහන් වන අන්දමට පසුගියදා උන් වහන්සේට බැංකුවෙන් යැයි පවසමින් දුරකථන ඇමතුමක් ලැබී තිබේ.

ගිණුමට අදාලව වැඩිකළ වැට් ගාස්තු අඩුකිරීමට රජයෙන් උපදෙස් ලැබී ඇති බැවින් ඒසඳහා බැංකු ගිණුම්වල තොරතුරු දෙන්නැයි දුරකථනය ඔස්සේ ඉල්ලාසිටි නිසා උන් වහන්සේ සියලු බැංකු තොරතුරු ලබාදී තිබේ.

දින කීපයකට පසු විහාරස්ථනයට පැමිණි නාඳුනන තරුණයන් දෙදෙනෙක් දුරකථනයේ දෝෂයක් තියෙනවාදැයි අසා තිබේ. ඒ වනවිටත් දුරකථනයේ කුරු කුරු ශබ්දයක් පැවතීම නිසා ඔව් මහත්තයා කතාකරනදේ පැහැදිළිත් නැහැ යනුවෙන් පවසා තිබේ.

හරි ඒක හදන්න තමයි ආවේ කියා ටිකවේලාවක් දුරථනය සකස් කරමින් සිටි සැකකරුවෝ හාමුරුවනේ අපේ ආයතනයට පණිවුඩයක් දිය යුතු යැයි පවසා ඒ සඳහා හාමුරුවන්ගේ ජංගම දුරකථනය ඉල්ලාගෙන තිබේ.

කිසියම් දුකරථන පණිවුඩයක් ලබාගෙන බොහොම ස්තුතියි යනුවෙන් පැවසූ සැකකරුවෝ ජංගම දුරකථනය හාමුරුවන්ට බාරදී විහාරස්ථානයෙන් පිටවී ගොස් තිබේ.

ඉන්පසු හිතවත් දායකයෙකුට දුකථන පණිවඩුයක් ලබාදීමට උත්සාහකල අවස්ථාවේ දුරකථනය ක්‍රියාත්මක නොවීම නිසා සොයා බැලීමේදී අනාවරණය වී ඇත්තේ එහි සිම්පත නැති බවයි.

සිමිපත් කිසියම් කූඨ ක‍ටයුත්තක් සඳහා යොදාගැනීමට සොකරම්කර ඇතැයි සැක සිතූ හාමුරුවෝ මුලින්ම බැංකු ගිණුම් තාවකාලිකව අක්‍රීය කිරීමට බැංකුවට ගිය අවස්ථාවේ කිසිවෙකු විසින් සිය ගිණුමෙන් රුපියල් ලක්ෂ හයහමාරක මුදලක් ලබාගෙන ඇති බව හෙළිවී තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *