BREAKING NEWS
Search

බොරු කකුල් අමාරුවක් පෙන්නා උදව්වට ආවා පුද්ගලයාට කල කැත වැඩේ

107

යාපනය, කොණ්ඩාවිල් විද්‍යාලය අසලදී මහමග රැඳී සිටි කඩුවක් රැගත් පුද්ගලයෙකු, යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු බිය ගන්වා ඔහුගේ යතුරු පැදිය ඊයේ (28) කොල්ල කා පලාගොස් තිබෙනවා.

යතුරුපැදියෙන් යමින් සිටි පුද්ගලයාට මහමාර්ගයේ කකුලක් කොර ගසමින් උදව් ඉල්ලා කෑගසන පුද්ගලයෙකු දැක ගන්නට ලැබී තිබෙන අතර, එම අවස්ථාවේදී ඔහුට උදව් කිරීමට යතුරුපැදියේ සිටි පුද්ගලයා එය නතර කිරීමත් සමග කකුලේ වේදනාවකින් මෙන් සිටි පුද්ගලයා කඩුවක් රැගෙන ඔහුව බියකොට ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

එම අවස්ථාවේදී ආසන්න ස්ථානයක සැඟවී සිටි පුද්ගලයෙකුද කකුලේ අමාරුව පෙන්වූ පුද්ගලයා සමග එකතුවී යතුරුපැදිකරුට තර්ජනය කොට ඔහුව බිමට පෙරළා යතුරුපැදිය පැහැර ගෙන පලාගොස් තිබෙනවා.

අනතුරුව යතුරුපැදි කරු විසින් මේ සම්බන්ධයෙන් කෝපායි පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර, කෝපායි පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වනු ලබනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *